ජීවිතය දිනන්නට, අලුත් ඇහැකින් දකින්නට ඔබට කියා දෙන, කවියෙන් ගීතයෙන් හා කතාවෙන් පිරුණු අලුත්ම අත්දැකීම...එක්වන්න අන්වීක්ෂය සමග ජීවිතයේ ඔබ නොදුටු බොහෝ හොද දේවල් අපි ඔබට පෙන්වලා දෙන්නම්,
Friday, July 19, 2019
පසුතැවිල්ල
මෙගේ දිවියට එලිය දෙනුවස්
දිසාපාමොක් ඇදුරු වෙත ගොස්
හැරදමා මා හැඩූ නුබෙ ඇස්
කියාදුනි පිය සෙනෙහසේ අනුහස්
ජීවිතේ මට මග හැරී සොදුරු
අද මගේ සිත පසුතැවෙන ඇයුරූ
කනක පිරිමුත් කාලයෙන් දිලිදූ
මගේ දිවියෙන් ඈත්විය සමිදූ
තරුකැට විසිකර සද වෙත පිය මැන්නා..
අමාවකේ අද අදුරෙම පසුවෙන්නා..
වෙවුලන දෑතට සවියක් වෙන්නට
නොහැක පියානනි පණ නල දෙන්නට
මා හොදටම දිලිදුයි ..
මගෙ ලෝකය අදුරුයී...
චමින්ද මලලසේකර
Tuesday, June 11, 2019
මදූශ්ට එහා ගිය සකබර්ග් ගේ විනාශය, කුඩු වලට වඩා වේගයෙන් ඇබ්බැහිවන සමාජ මාධ්‍ය ,
වැකියක් කියවන්නට කැමති ලිපියක් කියවන්නට අකමැති නමුත් බුකියෙන් රට පෙරලන්නට දගලන විද්වත් ඔස්තාර්ලා සිටින රටක ඔවුන්ගෙන් පත්වන පාලකයන්ගෙන් ගමරාලට වඩා හොද පාලකයෙක් තෝරා ගැනීම ලෙහෙසි වන්නේ නැත.
මත්ද්‍රව්‍ය වලට වඩා සීග්‍රයෙන් අපි සමාජ මාධ්‍යට ඇබ්බැහි වෙමින් සිටිමු. කුඩුවලට ඇබ්බැහි වූවන් ගේ මනස විකාර වන අතර පරිකල්පනය හා නිර්මාණශීලිත්වය සහමුලින්ම විනාශ වී යයි. එවන්ම වූ ඉරණමක් සමාජ මාධ්‍ය තුලින්ද සිදුවෙමින් පවතී. සමාජ මාධ්‍යට අනුව සිතුම් පැතුම් වෙනස් කරගන්නා නූතන පරම්පරාව තමන්ගේ පරිකල්පණ ශක්තිය, නිර්මාණශීලීත්වය හා තාර්කික විශ්ලේශණයන් විනාශකරගනිමින් සිටී. සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන ඕනෑම තොරතුරක් සත්‍ය සේ පිලිගන්නා බහුතරයක් වර්ථමානයේ දැකිය හැකි අතර ඊට නොදෙවනි මඩ හා බොරු ප්‍රචාරයන් සමාජගත කරන ජඩ මාධ්‍යද යහපතට වඩා මඩිය තර කරගැනීමට උත්සහ කරමින් සිටී.
සමාජ මාධ්‍ය විකාශණය තුල හොද මෙන්ම නරකද සමබරව ඇති අතර හොදට වඩා වේගයෙන් නරක වෙත ඇදීයාම සාමාන්‍ය ස්වාභාවය නිසාවෙන් සමාජ මාධ්‍ය අවභාවිතාව මහා පරිමාණයෙන් දැකිය හැක්.
කුඩු කාරයා ඔනි දේකට අතපොලසන් දෙන්නේ මනස විකල්වී හොද නරක නොතේරෙන නිසාවෙනි . කුඩු ගසා මත් වූවන් වැනි මිනිසුන්, ගකීමකින් හා පාලනයකින් තොරව සමාජ මාධ්‍ය හරහා ගෙන එන ඔනෑම කුණු පුවතක් ඉහ මුදුනෙන් පිලිගන විශ්ලේශණයකින් හෝ විමර්ශණයකින් තොරව තීන්දු තීරණ ගැනීමට පෙලබෙන සමාජයක තමා කැමති දේශපාලුවා හොරකම් කරන විට අත්පොලසන් දෙමින් අකමැති එකා මොන හොදක් කලද දෙස් දෙවොල් තබන ම්නිසුන් සිටින සමාජයක පිරිසිදු පාලකයන් බලාපොරොත්තු වීම හීනයකි.
මේ රටට අව්ශ්ය වන්නේ කුඩු බී සිහිවිකල් වුවන් , සමාජ මාධ්‍යයෙන් සිහි විකල් කරගත්තවුන් නිසා හෝ
අනිකාගේ අඩුපාඩු තුලින් ගොඩ ඒමට දගලන නායකයකු නොව මනා සැලැස්මක් ඇතිව මිනිසුන් තුල ආකල්පමය වෙනසක් ඇති කල හැකි නායකයෙකි. පැලැස්තර අලවන්නට කුඩා ළමයකුට වුවද කල හැකි වන අතර මැහුම් දමා නිට්ටාවට සුවවනසේ ශල්‍ය කරම කල හැක්කේ ශල්‍ය වෛද්‍ය වරයකුට පමණක් බැව් මේ රටේ ජනතාව මනාව අවභොධ කරගන්නා තුරු මේ දුශිතයන් මේ රටේ කරනම් ගසමින් මෙම සුන්දර දිවයින විනාශ කරනු ඇත.
කුඩු කාරයකු ගෙට ගැනීමට බියව්න අප බොරු දිගහරිමින් අපිව අන්දන කුඩ්ඩන්ට එහා ගිය විනාශයක් රටට සිදුකරන මිනිසුන් අපේ සමාජ මාධ්‍ය පිටුවේ මිතුරන් ලෙස රදවාගන සිටිමු. රටෙන් බොරුව වංචාව සුද්දකරන්නට ආරම්භ කරමු බොරු කාරයන් එලවා අපේ සමාජ මාධ්‍ය පිටුවෙන්
අචාර්ය චමින්ද මලලසේකර
Tuesday, May 28, 2019
Saturday, May 25, 2019
Friday, May 24, 2019
Sunday, May 19, 2019
කිංග්ස්වුඩ් විදුහලේ වැඩ බැරි වැඩ බලන විදුහල්පතිගේ හා චක්ගෝලයන්ගේ දූශණ හා වංචා
2019 මාර්තුමස 22 වන දින පැවති කිංග්ස්වූඩ් විද්‍යාලීය පාසල් ස්ංවර්ධණ සමිතියේ මහ සභාව සදහා විද්‍යාලීය වැඩබලන් විදුහල්පති එච්. ඒ. බන්ඩාර මහතාගේ අත්සනින් යුතුව සභාගත කරන ලද අයවැය වාර්තාව සභාවෙන් ප්‍රතික්ශේප වූ අතර එහි වියදම් පැහැදිලි කිරීමට වැඩබලන විදුහල්පති වරයා අපෝහොසත් වීම ඒ සදහා මුලික වූ හේතුව වීය.
එසේම සංවර්ධන සමිතියේ මුදල් දෙසැම්බර් 31 වන විට පාසලේ සංවර්ධන වැඩ සදහා යෙදවිය යුතු අතර පාසල දිනෙන් දින ජරාජීර්න වෙන පසුබිමක ගිනුම තුල මිලියන 19 ක් ඉතිරිව තිබීමද දෙමාපියන්ගේ විමතියට හේතුවිය. එසේ ඉතිරිව තිබියදී නව වර්ශය සදහා රුපියල් 6000ක් පමන පහසුකම් ගාස්තු ලෙස එකතු කිරීමට මෙම කේවට්ටයන් සූදානම් වෙමින් සිටී.
පාසල් සංවර්ධණ සමිතියට අදාල චක්‍රලේකණයට අනුව මෙම අයවැය මාර්තු 31 වනදාට පෙර සම්මත කරගැනීමේන් අනතුවරුව විඝණනය සදහා අදාල අංශවෙත ලබාදියයුතු උවද මහසභාවෙන් මාස දෙකක් ගතවන තුරුම එය සම්මත කරගැනීමට මෙම වැඩබලන් විදුහල්පති වරයා අසමත්ව සිටී.
අප්‍රේල් පාසල් නිවාඩුව හා 21න් පසු රටේ තත්වය මහසභාවක් නොපැවැත් වීම සදහා නිදහසට කරුනු විය හැකි අතර මාර්තු 22 සිට අප්‍රේල් 6 පාසල් වාර නිවාඩුව සදහා සති දෙකක් කාලයක් තිබු අතර එම කාලය තුල නැවත මහසභාවක් නොකැද වූවේ අයවැයේ අඩුපාපු සකසා ගැනීමට නොහැකි වු නිසා බවත් එයට අව්ශ්ය ව්‍යජ බිල් සකසා ගැනීමට නොහැකි වු නිසාවෙනැයි දෙමාපියන් තුල මහත් සැකයක් පවතී.
මහසභාවේදි අය වැය පිලිබදව අසන ලද ප්‍රශ්ණවලට පිලිතුරු ලබාදීමට අසමත් වූ වැඩබලන විදුහල්පති වරයා ඔහුගේ වැඩබැරි බව සමස්ත සභාව ඉදිරියේ ප්‍රධර්ශණය කරන ලදි. එම අවස්තාවේ සභාවේ රැදීසිටි ලන්කා ෆ්‍රැන්සිස් නියෝජ්‍ය විදුහල්පති වරයා හා නවරත්න නියෝජ්‍ය විදුහල් පතිතුමියද මෙම අයවැය පිලිබදව කිසිවක් කීමට අපොහොසත් වූ අතර පාසලේ සම්පත් අවභාවිතා කිරීමටනම් ඔවුන් අති දක්ශයන් බව අපට අනාවරණය වී ඇත.
කෙසේ නමුත් ක්‍රිකට් තණතීරු සැකසීමට යනුවෙන් ලක්ශ 10 ක මුදලක් සංවර්ධණ සමිති ගිනුමෙන් පිටකර ඇති අතර ඒ පිලිබදව පැහැදිලි කිරිමට මෙම වැඩ බැරි විදුහල්පති වරයා අපොහොසත් වූ අතර කිසිම සොයා බැලීමකින් තොරව මෙම අයවැය අත්සන් කර ඇතිබවට එය ප්‍රමාණවත් සාක්ශියක් වීය. එසේම ක්රීඩාභාර ආචාර්ය වරයා වන නියෝජ්‍ය විදුහල්පති ෆ්‍රැන්සිස් මහතාද එම මුදල පිලිබදව පැහැදිලි කිරීමට අපොහොසත් වූ අතර එම මුදල වියදම් වූ ආකාරය පිලිබදව ලදුපත් පාසලේ නොතිබූ බවත් ඒවා සැකසීමට තුන්වන පාර්ශව වෙත කතාකරන බවත් ශාක්ෂි සහිතව අපවේත තොරතුරු ලැබී ඇත.
තවත් අපහැදිලි තැන් ගනනාවක් මෙම ගිණුම තුල දැකිය හැකිවන අතර සමහර වැය සදහා ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර ඇතිබව අපි සාක්ෂිසහිතව ඔප්පු කිරීමට සූදානමින් සිටිමු.
මේ පිලිබද විදිමත් පරීක්ෂණ තාමත් අවසන්වි නොමැති බැවින් සියලු තොරතුරු මෙම ලිපිය මගින් ඉදිරිපත් නොකරන අතර අවශ්‍ය අවස්තාවලදී සියල්ල නම් සහිතව හෙලි කිරීමට අප සූදානමිනි සිටිමු.
පාසලේ දරුවෙකු අසනීප වූ විට ත්‍රීරොද රතවල රෝහල වෙත යවන පාසලේ ක්‍රීඩා කන්ඩායම් සදහා වැන් රතය ලබා නොදෙන හා ලබා දුන්නද ඒ සදහා ඉන්ධණ සදහා දෙමාපියන්ගෙන් අයකරගන්න මෙම විදුහල් පති ඇතුලු නඩය පාසල් වැන් රතය උපරිමයෙන් අවභාවිතා කරන අතර ෆ්‍රැන්සිස් හා නවරත්න දෙපල මේය තමන්ගේ බුදලක්යැයි සිතා සිටිති.
පාසලේ සිදුවන දුශණ සදහා මොවුන් දෙදෙනාද සම්භන්ධ වන අතර ඔවුන් පාසලක් පරිපාලනයට සුදුසුද යන්න සිතෙන ආකාර්යේ මෙන්ම ඔවුන් පිලිබදව පිලිකුලක් ඇතිවන ආකාරයේ දුශණ පිලිබද තොරතුරු ශාක්ෂි සහිතව අපවෙත ලැබී ඇති අතර අප ඒවා පුද්ගලිකවම පරික්ශාකර තහවුරු කරගනු ලැබීය.
මෙවන් හොර දෙටුවන්ගේ ක්‍රියාවන් නිසා ශ්‍රිලංකාවේ ප්‍රධාන පාසලක් වන කිංග්ස්වුඩ් විද්‍යාලය දිනෙන් දින පරිහානියට පත්වන අතර. සමස්ත පාසල් පද්ධතියෙන්ම මෙවන් වගකීමක් නැති මිනිසුන් අතුගා දැමිය යුතුය
මේ පිලිබදව පැමිනිලි අප අධ්‍යාපන අමාත්‍ය වරයාට , ලේකම් වරයාට, විඝණකාදිපති වරයාට , පලාත් අධ්‍යාපන අධ්‍යක්ශක වරයාට හා අල්ලස හා දුශණ කොමිසමට දැනුම්දී ඇති අතර විශිෂ්ට පාසලක ශිෂ්ටත්වය රැකගැනීමට ඔවුන්ගේ ඉක්මන් පරීක්ෂණයක් සිදුවෙන තුරු බලා සිටිමු.
සටහන ආචාර්ය චමින්ද මලලසේකර
(සියලු දත්ත මා සතුව ඇත )
චායාරූප කීපයක් RANDLES LEGION
එසේම සංවර්ධන සමිතියේ මුදල් දෙසැම්බර් 31 වන විට පාසලේ සංවර්ධන වැඩ සදහා යෙදවිය යුතු අතර පාසල දිනෙන් දින ජරාජීර්න වෙන පසුබිමක ගිනුම තුල මිලියන 19 ක් ඉතිරිව තිබීමද දෙමාපියන්ගේ විමතියට හේතුවිය. එසේ ඉතිරිව තිබියදී නව වර්ශය සදහා රුපියල් 6000ක් පමන පහසුකම් ගාස්තු ලෙස එකතු කිරීමට මෙම කේවට්ටයන් සූදානම් වෙමින් සිටී.
පාසල් සංවර්ධණ සමිතියට අදාල චක්‍රලේකණයට අනුව මෙම අයවැය මාර්තු 31 වනදාට පෙර සම්මත කරගැනීමේන් අනතුවරුව විඝණනය සදහා අදාල අංශවෙත ලබාදියයුතු උවද මහසභාවෙන් මාස දෙකක් ගතවන තුරුම එය සම්මත කරගැනීමට මෙම වැඩබලන් විදුහල්පති වරයා අසමත්ව සිටී.
අප්‍රේල් පාසල් නිවාඩුව හා 21න් පසු රටේ තත්වය මහසභාවක් නොපැවැත් වීම සදහා නිදහසට කරුනු විය හැකි අතර මාර්තු 22 සිට අප්‍රේල් 6 පාසල් වාර නිවාඩුව සදහා සති දෙකක් කාලයක් තිබු අතර එම කාලය තුල නැවත මහසභාවක් නොකැද වූවේ අයවැයේ අඩුපාපු සකසා ගැනීමට නොහැකි වු නිසා බවත් එයට අව්ශ්ය ව්‍යජ බිල් සකසා ගැනීමට නොහැකි වු නිසාවෙනැයි දෙමාපියන් තුල මහත් සැකයක් පවතී.
මහසභාවේදි අය වැය පිලිබදව අසන ලද ප්‍රශ්ණවලට පිලිතුරු ලබාදීමට අසමත් වූ වැඩබලන විදුහල්පති වරයා ඔහුගේ වැඩබැරි බව සමස්ත සභාව ඉදිරියේ ප්‍රධර්ශණය කරන ලදි. එම අවස්තාවේ සභාවේ රැදීසිටි ලන්කා ෆ්‍රැන්සිස් නියෝජ්‍ය විදුහල්පති වරයා හා නවරත්න නියෝජ්‍ය විදුහල් පතිතුමියද මෙම අයවැය පිලිබදව කිසිවක් කීමට අපොහොසත් වූ අතර පාසලේ සම්පත් අවභාවිතා කිරීමටනම් ඔවුන් අති දක්ශයන් බව අපට අනාවරණය වී ඇත.
කෙසේ නමුත් ක්‍රිකට් තණතීරු සැකසීමට යනුවෙන් ලක්ශ 10 ක මුදලක් සංවර්ධණ සමිති ගිනුමෙන් පිටකර ඇති අතර ඒ පිලිබදව පැහැදිලි කිරිමට මෙම වැඩ බැරි විදුහල්පති වරයා අපොහොසත් වූ අතර කිසිම සොයා බැලීමකින් තොරව මෙම අයවැය අත්සන් කර ඇතිබවට එය ප්‍රමාණවත් සාක්ශියක් වීය. එසේම ක්රීඩාභාර ආචාර්ය වරයා වන නියෝජ්‍ය විදුහල්පති ෆ්‍රැන්සිස් මහතාද එම මුදල පිලිබදව පැහැදිලි කිරීමට අපොහොසත් වූ අතර එම මුදල වියදම් වූ ආකාරය පිලිබදව ලදුපත් පාසලේ නොතිබූ බවත් ඒවා සැකසීමට තුන්වන පාර්ශව වෙත කතාකරන බවත් ශාක්ෂි සහිතව අපවේත තොරතුරු ලැබී ඇත.
තවත් අපහැදිලි තැන් ගනනාවක් මෙම ගිණුම තුල දැකිය හැකිවන අතර සමහර වැය සදහා ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර ඇතිබව අපි සාක්ෂිසහිතව ඔප්පු කිරීමට සූදානමින් සිටිමු.
මේ පිලිබද විදිමත් පරීක්ෂණ තාමත් අවසන්වි නොමැති බැවින් සියලු තොරතුරු මෙම ලිපිය මගින් ඉදිරිපත් නොකරන අතර අවශ්‍ය අවස්තාවලදී සියල්ල නම් සහිතව හෙලි කිරීමට අප සූදානමිනි සිටිමු.
පාසලේ දරුවෙකු අසනීප වූ විට ත්‍රීරොද රතවල රෝහල වෙත යවන පාසලේ ක්‍රීඩා කන්ඩායම් සදහා වැන් රතය ලබා නොදෙන හා ලබා දුන්නද ඒ සදහා ඉන්ධණ සදහා දෙමාපියන්ගෙන් අයකරගන්න මෙම විදුහල් පති ඇතුලු නඩය පාසල් වැන් රතය උපරිමයෙන් අවභාවිතා කරන අතර ෆ්‍රැන්සිස් හා නවරත්න දෙපල මේය තමන්ගේ බුදලක්යැයි සිතා සිටිති.
පාසලේ සිදුවන දුශණ සදහා මොවුන් දෙදෙනාද සම්භන්ධ වන අතර ඔවුන් පාසලක් පරිපාලනයට සුදුසුද යන්න සිතෙන ආකාර්යේ මෙන්ම ඔවුන් පිලිබදව පිලිකුලක් ඇතිවන ආකාරයේ දුශණ පිලිබද තොරතුරු ශාක්ෂි සහිතව අපවෙත ලැබී ඇති අතර අප ඒවා පුද්ගලිකවම පරික්ශාකර තහවුරු කරගනු ලැබීය.
මෙවන් හොර දෙටුවන්ගේ ක්‍රියාවන් නිසා ශ්‍රිලංකාවේ ප්‍රධාන පාසලක් වන කිංග්ස්වුඩ් විද්‍යාලය දිනෙන් දින පරිහානියට පත්වන අතර. සමස්ත පාසල් පද්ධතියෙන්ම මෙවන් වගකීමක් නැති මිනිසුන් අතුගා දැමිය යුතුය
මේ පිලිබදව පැමිනිලි අප අධ්‍යාපන අමාත්‍ය වරයාට , ලේකම් වරයාට, විඝණකාදිපති වරයාට , පලාත් අධ්‍යාපන අධ්‍යක්ශක වරයාට හා අල්ලස හා දුශණ කොමිසමට දැනුම්දී ඇති අතර විශිෂ්ට පාසලක ශිෂ්ටත්වය රැකගැනීමට ඔවුන්ගේ ඉක්මන් පරීක්ෂණයක් සිදුවෙන තුරු බලා සිටිමු.
සටහන ආචාර්ය චමින්ද මලලසේකර
(සියලු දත්ත මා සතුව ඇත )
චායාරූප කීපයක් RANDLES LEGION
Saturday, May 18, 2019
ජාති වාදියෝ සහ වීර තම්බියෝ
ප්රභාකරන් අපට අමතකය, ශ්‍රී දළදාමාලිගයට බෝම්බ ගැසූ, ශ්‍රී මහා බෝධිය අසලට පැන බෞද්ධයන් සමූල ඝාතනය කල අරන්තලාවේදී භික්ශූන් කපා කොටා ඝාතනය කල කරුණා අම්මාන් අපිට අමතකය, මේ සියල්ලට අනුබල දුන් කුමරන් පද්මනාදන් හෙවත් K.P අපිට අමතකය,
නමුත් සහරාන් ඇතුලු මුස්ලිම් නඩය අපට තාමත් අමතක නැත 300 කට අදික පිරිසකට මරු කැදවමින් 500 කට අධික පිරිසක් තුවාල කල මුලු රටම පස්සට ඇද දැමූ සහරාන් සාප ලබමින් තාමත් අප සිත්වල සිටී. ඒ සිද්ධියේ උණුසුම නිසාය.
අමිහිරි මතකයන් අමතක කිරීම හොදය ඒවා කරපින්නාගන ජාතියක් ලෙස අපිට ඉදිරියට යා නොහැක. සිද්ධීන් අමතක කලද අප අත්දැකීම පාවිච්චි කල යුතුය,
ශිෂ්ඨ මිනිසුන් අමිහිරි දේ අමතක කරද්දී සිද්දිය වවා ගනිමින් දේශප්‍රේමින් බිහිවී ඇවිලෙන ගින්නට පිදුරු දමන අයුරු අපි දුටුවෙමු. ඔවුන් තම්බින්ට ගැසුවේය තම්බින්ගේ කඩ ගෙවල් කුඩු කර දැම්මේය, පදම මදිවූ විට සිංහල මිනිසකුගේ තැබෑරුමට පහර දී ඇති තරම් සප්පායම් උනේය .
සහරාන් එකවර 300ක් මරා 500 කට තුවාල සිදුකරන විට මදූශ් මැරි මැරි උපදින දෙමාපියන්, 1000 ගනනක් බිහිකරමින් දහස් ගනනක් වූ අපේ තාරුණ්‍ය විනාශ කර දැම්මේය.
මදුශ් හා ඔහුගේ හෙන්චයියන් සිංහල වූ පමනින් අපි සියල්ලෝ කුඩු මුදලාලිලා නොවූහ.මදූශ් සිංහල වුවද මදූශ්ට එලව එලවා පහර දුන්නේ D.I.G. ලතීෆ්ය
සහරාන් දේශද්‍රෝහී තම්බියෙක් වන විට මේජර් මුතාලිෆ් අපිට දේශප්‍රේමියෙකි. හමුදා බුද්ධි අංශතුල කැපී පෙනෙන දශ්කම් පෑ මුතාලිෆ් තම්බියෙක් වුව ජාතික වීරයෙකි ඔහු රැක්කේ සමස්ත ශ්‍රී ලාංකිකයන් මිස ජාතීන් නොවේ.
බෞද්ධයන් බුද්ධිමතුන්ය එසේම බොහෝ සිංහලයන්ද බෞද්ධයන්ය එසේනම් අප බුද්ධිමත් ජාතියක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. බුද්ධිමත් මිනිසුන් ත්රස්තවාදියා හදුනා ගනී, ත්රස්තවාදියා හෝ කුඩු වෙලෙන්දාගේ ජාතිය හෝ ආගම කුමක් වුව අපි ඔවුන් පිලිකුල් කරති.
D.I.G ලතීෆ් මෙන්ම මේජර් මුතාලිෆ් ද නිල ඇදුමට කඩවසම්ය, ඔහු සිංහල අපිට සාමාන්‍යය. ඔවුන් අපෙන් එකෙක් බව අපට දැනෙන්නේ ඒ නිසාය. නමුත් සහරාන් රැවුල වවා කබා අදින අන්තවාදියෙකි සහරාන් අසාමන්‍ය මිනිසෙකි ඔහු අපේ එකෙක් සේ නොහැගේ , කබා අදින රැවුල දිග සියල්ලො අපිට ත්රස්තවාදීන් සේ පෙනෙයි.
මොන බන කිවුවත් අපි පෘත්ග්ජන මිනිසුන්ය අපි හැමට ආවේග ඇත එමනිසා සිංහලයා කුපිත වෙන ලෙස නොසිට ඇදුමෙන් පවා සාමාන්‍ය වූ විට අපිට තම්බියාද සිංහලයාද වෙනසක් නොදැනීමට ඉඩ ඇත.
දමිළ, මුස්ලිම්, කතෝලික සැමට පන්සලේ දොර ඇරී ඇත. මේ සියල්ලන්ටම කිතුනු පල්ලියද කොවිලද ඇරී ඇත. මුස්ලිම් පල්ලිය සැමට විවෘත විය යුතුය ධර්මය පතුරන්නට රහස් කාමර අවශ්‍ය නැත. ඉගන ගන්නට ශරියා අවශ්‍ය නැත.
අපි තම්බියා කියන්නේ ආදරයටය, තම්බියා ගුටි කන්නේ සමහර තම්බි සිරිත් නිසාය අතීතය බොහෝ පාඩම් කියා දෙද්දී අපි එවා ඉගන වෙනස්විය යුතුය.
සහරාන්ලා, මදුශ්ලා නොව තව තවත් ලතීෆ්ලා, මුතාලිෆ්ලා හදන්නට අපි උත්සහ කල යුතුය එවිට පුන්චි දිවයින බලවත් රාජ්‍යයක් බවට පත් කල හැක
සිංහල කුඩ්ඩාට පහරදෙන තම්බි ලතීෆ්ට අපි ආදරය කරන්නේ ජාතියට නොව ක්‍රියාවටය, මුතාලිෆ් අපිට සම්පතක් වන්නේ ජතියෙන් නොව ක්‍රියාවෙනි,
බුදුන් පුදන අපි දැනගත යුත්තේද පුද්ගලයකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ ක්‍රියාවෙන් මිස ජාතියෙන් හෝ කුලයෙන් නොවන බවය. පහරදිය යුත්තේ ක්‍රියාවට මිස ජාතියට නොවන බව තේරුම් ගැනීමට කාලයයි මේ
චමින්ද මලලසේකර
Friday, May 10, 2019
21 ප්‍රහාරය, ලෝක ත්‍රස්තවාදය හා නැවත නැගීසිටීම
21 ප්‍රහාරයත් සමග ත්‍රස්තවාදය හා රටේ ඉදිරි වැඩ පිලිවල පිලිබදව බොහෝ අය අදහස් දක්වති ඉන් වැඩි දෙනකු මෙම ලිපිය කියවීමට කම්මැලියන් වන අතර ඉක්මනින් දැකිය හැකි බොරු බෙගල් විශ්වාසකරමින් අදහස් ප්රකාශකරන්නන්ය.
එම නිසා මේ ලිපිය උඩින් පල්ලෙන් බලා දොඩවන්නන් සදහා නොව කියවා බලා යතාර්තය තේරුම්ගන්නන් සදහාය.
වසර 10 කට පසු ත්‍රස්ත භීතියෙන් රට ගිනිගෙන ඇත ඒ අමිහිරි හා බිහිසුනු අත්දැකීම සමස්ත රටතුලම පැතිරගියේය. අන්තවාදය නැවතත් තම මිලේච්චත්වය ලොවට කියා පෑවේය. අප අවුරුදු 30ක කුරිරු යුද්දයක ත්‍රස්තවාදී අත්දැකීම් විද ඇත්තෙමු, නමුත් LTTE ත්‍රස්තවාදය හා අන්තවාදි ඉස්ලාම් ත්‍රස්තවාදය හාත්පසින් වෙනස්ය. LTTE යනු අපරටේ ක්‍රියාකාරි වූ ත්‍රස්ත කන්ඩායමක් වූ අතර ඔවුන්ට පැහැදිලි අරමුනක් තිබින. ඔවුන් යුද වැදුනේ ඒ අරමුන උදෙසාය ඔවුන් වෙනත් රටවල් වෙත ප්‍රහාර එල්ල නොකලේය නමුත් ඉස්ලාම් අන්තවාදීන්ට පැහැදිලි අරමුණක් නොමැත ඔවුන් සටන් වදින්නේ නැත ඔවුන් මිලෙච්ච ප්‍රහාර එල්ල කරති ඒ දෙවියන් උදෙසාය.
ඔවුන් ලෝකය පුරා ත්‍රස්තවාදය පතුරවමින් සිටී. අප එම දරුණු ඛේදවාචයකයකට මුහුණදි අවසන්ය ආර්තිකයටද ඉමහත් වු බලපැමක් එල්ලවී ඇත. දැන් අපි කල යුත්තේ මාද්‍ය වීරයන් වීම නොව සැබෑ ආර්තික හා ආරක්ශක විසදුමක් සොයා යාමය.
ISIL සංවිධානය මෙම පිපිරවීම සදහා වගකීම භාරගෙන ඇත, ලෝකයේ අනිත් රටවලට ඔවුන් කල පහරදීම සලකා බැලීමේදි මෙය ඔවුන් කල බවට සිතන්නට මෙන්ම තහවුරු කර ගැනීමට හේතු සාධකද ඇත. අන් රටවල සිදුකල පිපිරවීම් වලට සාපේක්ශව මෙහි දැකිය හැකි ලොකුම වෙනස වන්නේ සියලුම ත්රස්තවාදීන් මෙරට පුරවැසියන් වීමය. ආගම් ප්‍රචාරය හා ක්‍රියාකාරකම් සදහා අප ලබාදුන් අසීමිත නිදහස එයට බලපෑ හේතුවක් විය හැක.
අතිතය අපිට බොහෝ දේ කියා දෙනු ඇත. ලොකයේ අනිත් රටවල සිදු වූ මෙවන් බිහිසුනු පිපිරවීම හා ඒවාට පසු එම රටවල් සාමන්‍ය ජනජීවිතය ගොඩනැගු අයුරුත් එම රටවල ආර්තිකය ගොඩ නංවාගත් ආකාරයත් ඒ සදහා යොදගත් උපායන් අධ්‍යයනයත් අපට වැදගත් විය හැකි බව නිසාවෙන් කෙරෙන සටහනකි මේ.
9/11 වොෂින්ටන් ප්‍රහාරය
ලොකයේ සිදු වූ දරුණුම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකිය හැකි අතර එය අල්කයිඩා නම් ඉස්ලාම් අන්තවාදීන් විසින් සිදුකරන ලදි. ගුවන්යානා දෙකක් පැහැරගැනීමෙන් සිදුකල මෙම ප්‍රහාරය 2996 කට පමණ ජීවිත අහිමිකල අතර 6000 කට වඩා පිරිසක් තුවාල ලැබුහ.
සිදිදියෙන් පසු වේගයෙන් ක්‍රියාත්මක වූ ඇමරිකානු රජය වසරක් තුල පෙන්ටගනය මුලුමනින්ම සාදා අවසන් කල අතර මෙම ව්‍යසනයේ අදුරු සෙවනැලි වලින් ගැලවීමට වසර 5කට අධික කාලයක් ගතවිය.
බාලි (ඉන්දුනීසියා) ප්‍රහාරය
2002 ඔක්තෝම්බර 12 වන දින සිදුකල ප්‍රහාරයද ස්තාන 3 කදී එකවර සිදුකල අතර අල්කයිඩා සංවිධානය මෙම පහරදීමේ වගකීම භාර ගන්නා ලදි. පුද්ගලයින් 202 කට ජීවිතය අහිමිකල මෙම සිදුවීමෙන් 220ක් පමන තුවාල ලැබීය මියගිය පිරිස බහුතරයක් විදේශිකයන් වූ අතර (ඔස්ට්‍රලියන් ජාතිකයන් 88, සහ වෙනත් විදේශිකයන් 20 ඒ අතර වියා එම සිදුවීම ඉන්දුනීසියානු රජයට මහත් ආර්තික පරිහාණියක් ගෙනදුන්නේය. අද ඉන්දුනීසියාව ලොකයේ ප්‍රධාණ විදෙස් සංචාරක නවාතැන්පලක් වී ඇත.
2015 නොවැම්බර් පැරිසියේ ප්‍රහාරය
ISIL නම් අන්තවාදි ඉස්ලාම් ත්රස්තවාදීන් විසින් සිදුකල මෙම ප්‍රහාරයද එකම අවස්තානයේ ස්තාන කීහිපයක් ඉලක්ක කරගනිමින් සිදුකල අතර එම ප්‍රහාරය සදහාද බෝම්බ කරුවන් තිදෙනෙකු සහභාගි වී සිටියේය. පාපන්දු ක්‍රීඩා තරගයකට එල්ලවූ ප්‍රධාන ප්‍රහාරය සමගම තවත් ස්තාන දෙකක පිපිරවීම් සිදුවූ අතර මෙම ප්‍රහාරයට සමගාමිව වෙඩිතබා ඝාතනය කිරීමක්ද සිදුවිය.
සිරියා යුද්ධයට සහයදීම නිසා පලිගැනීමක් ලෙස සිදුකල මෙම ප්‍රහාරය උදැසන 9.20, 9.30 හා 9.52 යන වේලාවන්හිදි සිදුකරන ලදි.
2016 බෙල්ජියමේ බෘසල්ස් ප්‍රහාරය
2016 මාර්තු 22 වනදින බෘසල්ස් ගුවන්තොටුපලේදී සිදුකරන ලද මෙම ත්‍රස්ත ප්‍රහාරයද බොම්බ කරුවන් තිදෙනෙකු යොදවාගන කරන ලද පිපිරවීම් මාලාවකි. ගුවන්තොටුපලේ මෙන්ම මාල්බේක් මෙට්‍රො දුමරිය ස්තානයේද පිපිරවිම සිදු කල අතර 35 දෙනෙකුට මරු කැදවූ මෙම ප්‍රහාරය තුලින් 320 ක් පමණ තුවාල ලැබීය. එසේම එම බෝම්බ ප්‍රහාරයෙන් පසුව කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී තවත් පුපුරා නොගිය බෝම්බ කීපයක් සොයාගැනීමට බෙල්ජියම් ආරක්ශ අංශ සමත්විය.
ලෝක ත්‍රස්තක්‍රියා හා පාස්කු ඉරිදා ප්‍රහාරය අතර සම්භන්ධය
මෙම සිදුවීම් හා පාස්කු ඉරිදා ප්‍රහාරය අතරද සම්භන්ධකම් දැකිය හැකිවන අතර විශේෂය වන්නේ පාස්කු ප්‍රහාරය දේශිය ත්රස්තවාදීන් විසින් සිදු කිරීම හා ස්ථාන 6 කදී සිදු කිරීමය.
අල්කයිඩා හෝ ඓSඓළ් සංවිධාන රටවල් අත්පත් කරගැනීමේ අභිලාශයෙන් ඉහත කිසිම ප්‍රහාරයක් සිදු කර නොමැති අතර සියල්ල පලිගැනීමේ චේතනාවෙන් සිදුකල ඒවා ලෙස පෙනී යයි.
කෙටිකාලින හා ඉක්මන් උපායන්
බෙල්ජියමය සිදුවීමත් සමගම ගුවන්ත්ටුපල ක්‍රියාවන් හා පොදු ප්‍රවාහනයන් මුලුමනින්ම නවතා දැමූ අතර නගරයේ සියලු ක්‍රියාවලින් නවතා සොදිසි මෙහෙයුම් සිදුකරන ලදි. නගරයේ පොදු ප්‍රවාහනය දිනක්දී සාමාන්‍ය තත්වයට පත්කල අතර දින 11කදී ගුවන්තොටුපල විවෘත කරන ලදි
දුරකතන භාවිතයේදි ඇති වූ තදබදය නිසා සමාජ මාධ්‍ය හරහා තම සමීපතයන්ට තමාගේ තත්වය පැහැදිලි කරන ලෙස රජය ප්‍රකාශ කල අතර බෙල්ජියම් ජාතිකයන් දැඩි විනයක් ඇතිව සමාජ මාධ්‍ය භාවිතා කලේය.
ප්‍රංශ ප්‍රහාරයෙන් පසු මාධ්‍ය මගින් සිදුවූ අසත්‍ය ප්‍රචාර නිසා සාමාන්‍ය ජන ජීවිතය අඩාල වූ අතර මාධ්‍ය සිදුකරනු ලබන අසත්‍ය ප්‍රචාරවලට විරුද්ධව ක්‍රියාකිරිමට රජය තීන්දුකිරීමත් සමගම සාමාන්‍ය ජන ජීවිතය යතා තත්වයට පත්විය
ත්‍රස්තවාදයෙන් පසු ආරක්ශාව හා අර්තිකය ගොඩනැංවීම
මෙම සෑම ක්‍රියාවලියක්ම විදෙස් සංචාරක ක්රමාන්තය ඉලක්ක කරමින් සිදුකල ඒවා වන අතර සිදුවීම් වලින් පසුව සාමාන්‍ය තත්වයට සංචාරක ව්‍යාපාරය පත්විම සදහා අවම මාස 13 ක කාලයක් ගත වී ඇත. නමුත් මාසයක් වැනි කෙටි කාලයකින් සාමාන්‍ය ජන ජීවිතය යතාතත්වයට පත් වී ඇති අතර ප්‍රධාන සිදුවීමෙන් පසු ප්‍රහාරයන්ද වාර්තා වී නොමැත.
ප්‍රංශය හා බෙල්ජියම භාවිතා කල ප්‍රහාරවලින් පසු රට හා සංචාරක ව්‍යාපාර සාමාන්‍ය තත්වයට පත්කලහැකි උපාය මාර්ග
01. දේශීය මෙනම් විදේශිකයන්ගේ විස්තර අන්තර්ජාලය හරහා දැනුවත් කිරීම. විදේශිකයන්ගේ විස්තර ඉතා ඉක්මනින් අන්තර්ජාලයට මුදා හල අතර ඔවුන්ගේ සියලු අවශ්‍යතා රජය විසින් සපුරාලන ලදි
02. රජය විසින් එකමුතු බව වර්ධනය කල අතර බිය වෙනුවට සහකම්පනය වැඩිකල අතර එක්වී දුක බෙදා ගැනීමට හා අනෙකාගේ හැගීම් අවබොධ කරවීමට පියවර ගන්නා ලදි. ජනතාවද භීතිය වැපිරවීම වෙනුවට නැගීසිටීම හා එහි වැදගත්කම ඉස්මතුවන ක්‍රියාකාරකම් වල නිරතවිය.
03. ඉතාමත් ඉක්මනින් එම රටවල් සංචාරයට සිදුසු හා ආරක්ශිත බව ලොවට දැනුම්දෙන (Relax in Brussels,Romantic Paris ) වැනි ප්‍රවර්ධන සිදු කල අතර එය නොකඩවා සිදු කරන ලදි.
04. ජනතාවට නිවැරදි හා විශ්වාසදායී තොරතුරු නිතර නිතර ලබාදුන් අතර අසත්‍ය පුවත් ප්‍රචාරය කරන මාධ්‍ය හා සමාජ මාධ්‍ය පිලිබදව දැඩි දඩුවම් පමුනුවන් ලදි.
සිදුවීම සිදු වී හමාරය ජාතියක් ලෙස අපි නැගීසිටිය යුතුය. පුරුවැසියන් ලෙස අපට කල හැකි දේ බොහොය. මොකුත් කල නොහැකිනම් අසත්‍ය පතුරුවා හරින හෝ තහවුරු කර නොගත් තොරතුරු හෝ පතුරුවා හැරීම නොකර සිටිය යුතුය. ප්‍රායෝගික නොවන සටන්පාට ඉවත දා නිවැරදිව කල හැකි දේ කල යුතුය. මේ සටහන ඔබට ත්රස්තවාදයේ ස්වරූපය මෙන්ම ඉන්පසු ගොඩ නැගීමට අවශ්‍ය සරල කාරනා කීපයක් සමාජ ගත කිරීම සදහාය. ඇමරිකාව, ප්‍රංශය, බෙල්ජියම හා ඉන්දුනීසියාව අද විශාල ලෙස ගොඩ නැගී ඇති අතර විදෙශිකයන්ගේ පාරාදීශ බවට පත්වී ඇත..
සටහන ආචාර්ය චමින්ද මලලසේකර
Friday, April 19, 2019
දැනුම කුසලතා පිරි බුද්ධිමත් සමාජයක් වෙනුවෙන්
දැයේ මිනිසුන් දැනුමෙන් බුද්ධියෙන් බලගන්වන්නට,
සතුට සොයා යන්නවුන්ට සතුටේ මාවත පෙන්වා දෙන්නට,
දියුනුව අපේක්ෂා කරන සියල්ලන් හට දියුනුවේ රන් දොරටු හැරදෙන,
විඩාබර සිත කලාවෙන් සනසාලන,
වැරදි කරන්නන්ට සොය සොයා පහර දෙන,
අසාධාරණයට නොපැකිලිව හඩ නගන
බොරුවෙන් වංචාවෙන් අවතැන්වූ ඔබ වෙනුවෙන්ම කරන
ගවේශණාත්මක සමාජ මාධ්‍ය විවරණය.
Wednesday, April 3, 2019
බුදු දහම සටන් කිරීමට නොව අනුගමනය කිරීමටය
මා බුදු දහම වෙනුවෙන් සටන් නොකරමි මන්ද බුදුදහම යනු සටන් කිරිමෙන් රැකගත යුත්තක් නොවන අතර එය පිලිපැදීමෙන් රැකගත හැකි ධර්මයකි. ගුනවත් සිලවත් නිවැරදිව බුදුදහම වටහාගත් එහි නිවැරදි හරය ලොවට කියන භික්ශුන් තවමත් සිටින අතර මේ කිසිවක් නොකරමින් කහ රෙද්දක් පොරවාගන තමන් බුද්ධ පුත්‍රයන් යැයි පවසන මැරයන් පිරිසක්ද සමජයේ වැජබෙමින් සිටිනු දැකිය හැක.
තවත් පිරිසක් නිකායන් වලට බෙදෙමින් කුලල් කා ගන්නා අයුරුද තවත් පිරිසක් දේශපාලන පක්ශවලට කඩේ යමින් තම හාම්පුතුන් ආරක්ශා කර ගැනීමට වෙහෙසෙන අයුරුද පසුගිය කාලය පුරාවට දැකගත හැකි විය.
සාමාන්‍ය මිනිසුන් ලෙස මෙම පිරිස් අතරින් නිවැරදි භික්ශුව හදුනා ගැනීමට අප මහත් සටනක් දියත්කල යුතුව ඇත. එබැවින් අප සටන්කල යුත්තේ බුදුදහම ආරක්ශා කර ගැනීමට නොව මෙවන් දුශ්ශීලයන්ගෙන්, වන්චාකාරයන්ගෙන් නිවැරදි බුදු දහම හදුනාගැනීමටය.
ආචාර්ය චමින්ද මලලසේකර
Sunday, March 31, 2019
පුතෙකුගේ විලාපය
Èidmdfudla weÿre fj;
f.dia
yeroud ud yevQ kqfn
weia
lshdÿks msh fifkyfia
wkqyia
Ôúf;a ug u. yeÍ
fidÿrE
wo uf.a is; miq;efjk
whqrE
lkl msßuq;a ld,fhka
È,sÿ
uf.a Èúfhka wE;aúh
iñ¥
;releg úislr iofj;
mshuekakd
wudjfla wo wÿfru
miqfjkakd
fjjq,k oE;g iúhla jkakg
fkdyel mshdkks mK k,
fokakg
ud fydogu È,sÿhs’’’ uf. f,dalh wÿrehs
wdpd¾h pñkao u,,fialr
Wednesday, March 13, 2019
අවජාතකයාගේ මරණය
කල වේස කම් වලට පලිද මම අම්මේ
ඇයි මාව අරන් මේ කුණු ගොඩට දැම්මේ
අපේ ලේ වල තියන ඒ රුදිර බැම්මේ
හයිය ඇයි සුදු අම්මෙ මෙහෙම බිද දැම්මේ
සල්ලි නැත්තම් නුඹට බඩගින්නෙ ඉන්නම්
සමජය බනිනකොට මුල්ලකට වෙන්නම්
ඉන්න බෑ මට මෙහෙම කඩි කනවා දැන්නම්
එක්කො ඔඹ සැන සෙන්න මම මැරිලා යන්නම්
චමින්ද මලලසේකර
Tuesday, March 12, 2019
නීතියේ වෙසගන
නරි හූ කියයි කැලයක මහ ඇත්තුන්ට
සත්තු මරා කා හැක වල් සත්තුන්ට
වෙරි වැඩි වෙලා මිනිසුන් මැරු යක්කුන්ට
අප්පෙක් උනේ ඇයි මේ වගෙ පුත්තුන්ට
කෙලෙසා දුවක් එලියට ඒමට පැයකී
යටකර මැරූ මුත් දඩුවම් නැති සෙයකී
නීතිය අපේ යනවද දින දින වියැකී
මේවගෙ විනි-සොරුන් රටටම පිලලයකී
නීතිය සැමට එක බව අපි සිතුවාට
එහෙම රටක් හැමවිට අපි පැතුවාට
අදිකරනයේ පිවිතුරු බව නැසුවාට
කම් නැත මුන්ට මඩු වල්ගෙන් ගැසුවාට
සත්තු මරා කා හැක වල් සත්තුන්ට
වෙරි වැඩි වෙලා මිනිසුන් මැරු යක්කුන්ට
අප්පෙක් උනේ ඇයි මේ වගෙ පුත්තුන්ට
කෙලෙසා දුවක් එලියට ඒමට පැයකී
යටකර මැරූ මුත් දඩුවම් නැති සෙයකී
නීතිය අපේ යනවද දින දින වියැකී
මේවගෙ විනි-සොරුන් රටටම පිලලයකී
නීතිය සැමට එක බව අපි සිතුවාට
එහෙම රටක් හැමවිට අපි පැතුවාට
අදිකරනයේ පිවිතුරු බව නැසුවාට
කම් නැත මුන්ට මඩු වල්ගෙන් ගැසුවාට
කිර කිර හැම විටම සමබර දේ දෙන්න
කිර කිර හැම විටම සමබර දේ දෙන්න
සිටි දෙවු දුවට විය අද වෙසගන වෙන්න
සියක් පුතුන් හැදුවත් නීතිය දන්න
එකෙකුට හැකිය අම්මගෙ නම කෙලසන්න
නීතිය රකින්නට උදයම ආව සද
අවසන් ගමන් යයි දාහක සුසුම් මැද
පැන යයි ඔවුන් අද නීතියෙ රැහැන් බිද
මැරියවු දිනක හෙනපිට හෙන ඇවිත් වැද
චමින්ද මලලසේකර
Friday, March 8, 2019
වෙසගන දුටු පිරිමිකම
ගනිමි ඔබ දුන් මුදල්
ගනින්නට මම...
ඉන්න බෑ මුන්ට
දැක්කම මගේ ලැම ....
ගෑනිගේ වැරදි ගැන
මුන් කියන විටක හැම...
අහන්නම හිතෙන්නේ
කෝ තොගේ පිරිමි කම...
ඕනිනම් බුදියන්න
හොරෙන් ඇවිදින් යන්න
ගෑනුන්ට ගරහන්න
එපා මගෙ හිත ගන්න...
පිරිමි සිල්වත්නම්
අපිට කොහෙද වත්කම්
අනේ මුන්ගෙ ලොකු කම්
ඔක්කොම ඇදට එනකම්..
එන උන්ට දාන පෙම
තමා මගෙ හොදම ඇම
වැහි කබා නොමැති කම
මුලකි ලෙඩවෙන්න දෙන්නම
වෙරි වෙලා හොදට බාගෙට
වද දෙන එවුන් වාහෙට
පැය බාගේ ප්‍රේමෙට
ගන්න හදනවා මාව දීගෙට...
චමින්ද මලලසේකර
ගනින්නට මම...
ඉන්න බෑ මුන්ට
දැක්කම මගේ ලැම ....
ගෑනිගේ වැරදි ගැන
මුන් කියන විටක හැම...
අහන්නම හිතෙන්නේ
කෝ තොගේ පිරිමි කම...
ඕනිනම් බුදියන්න
හොරෙන් ඇවිදින් යන්න
ගෑනුන්ට ගරහන්න
එපා මගෙ හිත ගන්න...
පිරිමි සිල්වත්නම්
අපිට කොහෙද වත්කම්
අනේ මුන්ගෙ ලොකු කම්
ඔක්කොම ඇදට එනකම්..
එන උන්ට දාන පෙම
තමා මගෙ හොදම ඇම
වැහි කබා නොමැති කම
මුලකි ලෙඩවෙන්න දෙන්නම
වෙරි වෙලා හොදට බාගෙට
වද දෙන එවුන් වාහෙට
පැය බාගේ ප්‍රේමෙට
ගන්න හදනවා මාව දීගෙට...
චමින්ද මලලසේකර
Thursday, March 7, 2019
ආන්ඩුකාර තුමාගේ One Way අවුල
මහනුවර පෙරාදෙණිය මාර්ගය One Way කිරීම සදහා අන්ඩුකාර වරයා ගත් තීරණයත් සමග විවිධ ගැටලු කාරී තත්වයන් මතු වී තිබෙනවා. One Way කිරීම රතවාහන තදබදයට යම්තාක් දුරට සහනයක් උවත් නිසි යටිතල පහසුම් සැලසිමෙන් තොරව එය සිදු කිරීම තුලින් ගැටලු කාරී තත්වයන් මතුවී තිබෙන අතර ජනතාව දැඩි අප්‍රසාදයෙන් යුතුව සිටී.
01. පාසල් දරුවන් සදහා වන ප්‍රශ්ණ
- මහානාම විදුහලට පේරාදෙණියේ සිට පැමිනෙන දරුවන් දන්ගොල්ල හන්දියේ හෝ ගන්නොරු පාලමට පෙර වාහනයෙන් බැස විශාල දුරක් පයින් පැමිනිය යුතුය. ගැටඹේ හන්දිය පාසල් සිසුන්ට ඉතාමත අනාරක්ශිත ස්තානයකි.
- එසේ නොමැතිනම් විලියම් ගොපල්ලව මාවතේ බැස Railway Crossing එකෙන් පැමිනිය යුතුය එය නීති විරොදි මෙන්ම ඉතාම අනාරක්ෂිතය
- කිංග්ස්වුඩ් විදුහලට හා සීතා දේවි දරුවන්ට මෙය විශාල ප්‍රශ්නයක් නොවන අතර එම දරුවන්ට විලියම් ගොපල්ලව මාවතේ බැස ගුවන් පාලම ඔසෙසේ පැමිනිය හැක.
- ස්වර්ණමාලී, ධර්මවික්‍රම දරුවන් විලියම් ගොපල්ලව මාවතේ ඉන්ධන පිරහුම් හල අසල සිට කිලෝමීටරටකට අසන්න දුරක් පයින් පැමිනිය යුත්තේ Railway හරහාය..
- වෙනත් ස්තානයකින් පැමිනීම ගැහැනු ලමුන් සදහා කිසිලෙසකත් ආරක්ශාකාරි නොවේ.
- උසස් බාලිකා හා විහාර මහාදේවි දරුවන් සුදුහුම්පොල හන්දියේ සිට පයින් පැමිනිය යුතු අතර එයද Railway හරහා සිදුකල යුතුය.
- පාසල් අවසන් වන වේලාවට නුවර නගරය දෙසට ගමන් කරන දරුවන් මේ විලසටම අවදානමක් සමග බොහෝ දුරක් ගමන් කල යුතුය,
02. පුද්ගලික වාහන වලින් යන අයට ඇති අවාසි.
- මහනුවර සිට සුදුහුම්පොල දෙසට යන අය හීරැස්සගල හන්දියට පැමින නැවත සුදුහුම්පොල දෙසට විලියම් ගොපල්ලව මාවතේ ගමන් කල යුතුය. 4 KM දුරක් වැඩියෙන් යා යුතුය.
- ත්‍රී රොද රතයක රුපියල් 80 ක් ගෙවා ගිය ගමන් සදහා රුපියල් 200ක් ගෙවිය යුතුය.
- හීරැස්සගලට යන අය තවත් 4KM ක් ගෙවා ගැටබේ ක්රීඩන්ගනය අසලින් විලියම් ගොපල්ලව මාවතට පැමින හීරැස්සගලට යා යුතුය. ත්‍රී රොද රතයක යන්නේ නම් 80ක් වෙනුවර රුපියල් 250ක් ගෙවිය යුතුය.
- උඩ පාරෙන් පැමිනෙන වාහනයක් හීරැස්සගලට කෙලින්ම ඇතුල්වීමට උත්සහ කිරීම යනු සියදිවි නසාගැනීමක් වැනි වේ.
ආන්ඩුකාර තුමා පැවසූ පරිදි එතුමාට පොලිස් ආරක්ශාව හා අව්දානමකින් තොරව ගමන් කිරීමට ඉඩ ලැබෙන අතර සාමාන්‍ය මිනිසුන් වන අපට හා අපගේ දරුවන්ට එසේ ආරක්ශාවක් හෝ විසාල මුදලක් ගෙවා ත්‍රිරොද රථයක යාමට හැකියාවක් හෝ නොමැත. එතුමා රජයේ වාහන වල ගමන් කලද පුද්ගලික වාහනවල යන අප අපගේ වියදමින් එම ගමන් යා යුතුය.
අප One way සදහා විරුද්ධ නැත නමුත් කලයුතු දේ නොකර මෙවන් අදූරදර්ශී ක්‍රියාවන් තුලින් අපගේ දරුවන් අවදානමකට ලක්වීම අපට බලා සිටිය නොහැක.
ගුවන් පාලම්, අතුරු පාරවල් (සුදුහුම්පොල හන්දිය හා හීරැස්සගල හන්දිය අතර තවත් අතුරු පාරක්, හීරැස්සගල හන්හියේ සිට ගැටබේ අතර තවත් පාරක් හෝ දෙකක්) මුලින් සකසා ඔබ මේ ක්‍රියාවලිය සදහා මුල පිරුවානම් මිටවඩා ප්‍රතිඵල ලැබිය හැක.
චමින්ද මලලසේකර
Wednesday, February 27, 2019
හිතට හොරෙන් , කවියාට
මගෙ ඇස් දෙකට නුඹ ලියනා කවි වලට
හැගුමන් ඇවිත් පෙරලෙන විට පද බවට
සිතුනත් කරන්නට ආලය කවි සිතට
කියා ගන්න බැරි මගෙ අසරණ කමට...
ගලපන ඉව්ටදි ඔබ ලස්සන කවි පේලි
එය දිය බිදකි හදවත හට ඇති වේලී
යන්නට නොහැකි මුත් ආදර පෙල පාලී
තනිවම මුමුණනවා මම නුබෙ කවි කෑලී...
හැගුමන් ඇවිත් පෙරලෙන විට පද බවට
සිතුනත් කරන්නට ආලය කවි සිතට
කියා ගන්න බැරි මගෙ අසරණ කමට...
ගලපන ඉව්ටදි ඔබ ලස්සන කවි පේලි
එය දිය බිදකි හදවත හට ඇති වේලී
යන්නට නොහැකි මුත් ආදර පෙල පාලී
තනිවම මුමුණනවා මම නුබෙ කවි කෑලී...
ලන් වෙන විටදී ගිනිගත් හදවතට මගේ
නුඹෙ හදවතෙත් ගිනි ඇවිලෙන බවට හැගේ
හිත ආදරෙන් වෙලුනත් නුඹ සමග මගේ
මම ඉන්නවා එය ඇත්තක් නොවෙයි වගේ..
චමින්ද මලලසේකර
Wednesday, February 20, 2019
අසම්මත නැත අපේ හදවත
ගැහෙන හදවත තාම බොලදයි
වයසටත් වැඩියෙන්..
දෑස් දල්වා බලා හිදිනෙමි
හඩ ඇසෙන මානෙන්...
මිලින වූ හද විකසිතයි අද
නුබෙ දෙනෙත් පහසින්...
හදෙ උනුසුම ලබාදෙනු මැන
සැමට හොර රහසෙන්
අසම්මත නැත අපේ හදවත
ආදරෙන් මත්වූ
දැවෙන ගින්නට සිසිලසකි එය
සෙනෙහසින් තෙත්වූ
නුබේ නෙත් හීසරින් මත්වී
ගිලන් වී සිටිමී
ආදරය නම් අමාවතුරෙන්
මම සුවය පතමී
දෑස් රිදුනට කමන් නෑ මම
මග බලාඉන්නම්
කියන ඕනිම් විටකදී නුබෙ
තුරුල්ලට එන්නම්
අහස් මාලිගා තනන්නට
සැලසුමක් දෙන්නම්
සැමට රහසින් අහස්තලයෙදි
නුබව හමු වෙන්නම්..
පද චමින්ද මලලසේකර
වයසටත් වැඩියෙන්..
දෑස් දල්වා බලා හිදිනෙමි
හඩ ඇසෙන මානෙන්...
මිලින වූ හද විකසිතයි අද
නුබෙ දෙනෙත් පහසින්...
හදෙ උනුසුම ලබාදෙනු මැන
සැමට හොර රහසෙන්
අසම්මත නැත අපේ හදවත
ආදරෙන් මත්වූ
දැවෙන ගින්නට සිසිලසකි එය
සෙනෙහසින් තෙත්වූ
නුබේ නෙත් හීසරින් මත්වී
ගිලන් වී සිටිමී
ආදරය නම් අමාවතුරෙන්
මම සුවය පතමී
දෑස් රිදුනට කමන් නෑ මම
මග බලාඉන්නම්
කියන ඕනිම් විටකදී නුබෙ
තුරුල්ලට එන්නම්
අහස් මාලිගා තනන්නට
සැලසුමක් දෙන්නම්
සැමට රහසින් අහස්තලයෙදි
නුබව හමු වෙන්නම්..
පද චමින්ද මලලසේකර
Sunday, February 17, 2019
Thursday, February 14, 2019
ආදර කතාව
කවියෙන් ලියන අපෙ ආදර කතාවේ
නුඹ දෙවගනකි මහ රුක්ගොමු ලතාවේ
මම රුක් දෙවිදු වී පැමිනෙන වතාවේ
මෙය ඇරඹුමයි අපෙ ආදර කතාවේ
සැහැල්ලුවෙන් පා වෙන නිල් අහස පුරා
පියඹා යන්න මට ඔබවත් උරෙහි දරා
ලිවු කවි කතාවෙන් මේ මුලු දවස පුරා
අපට හොරෙන් අපෙ හදවත් ප්‍රේම කරා
ඇස් දෙක පියාගන හොද හැටි නිදියන්න
පුලුවනි එවිට හීනෙන් මට පැමිනෙන්න
දිනයක් ඒවි හැබැහින් තුරුලට එන්න
මම දන්නවා ඒ වෙනතුරු ඉවසන්න
පද චමින්ද මලලසේකර
නුඹ දෙවගනකි මහ රුක්ගොමු ලතාවේ
මම රුක් දෙවිදු වී පැමිනෙන වතාවේ
මෙය ඇරඹුමයි අපෙ ආදර කතාවේ
සැහැල්ලුවෙන් පා වෙන නිල් අහස පුරා
පියඹා යන්න මට ඔබවත් උරෙහි දරා
ලිවු කවි කතාවෙන් මේ මුලු දවස පුරා
අපට හොරෙන් අපෙ හදවත් ප්‍රේම කරා
ඇස් දෙක පියාගන හොද හැටි නිදියන්න
පුලුවනි එවිට හීනෙන් මට පැමිනෙන්න
දිනයක් ඒවි හැබැහින් තුරුලට එන්න
මම දන්නවා ඒ වෙනතුරු ඉවසන්න
පද චමින්ද මලලසේකර
ආදර අන්කුර
මුල් බලවත්ය ඒකයි ගස් උස යන්නේ
ඒ මුල් වලිනි මහ ගස් ජීවත් වෙන්නේ
ආදර රුකෙහි අන්කුරයකි දලුලන්නේ
මම මුල වෙන්න කවදද නුබ ගස වෙන්නේ
කවියක් ලියන්නට යන පොඩි වෙලාවට
නිදහස් මනස වැදගත් කවි කලාවට
ඔය ඇස් වලට මා පෙම් කල තුරාවට
මම කවි ලියමි ඔබෙ ලස්සන හිනාවට
අලි රන්චුවක් පාරේ ඇවිදන් යාවි
එහි ඇත් රජා තුල තේජස් බව පේවී
පිරිමින් ඇවිත් ඔබ හට මදහස පාවි
මම රජු වෙන්න ඔබ වෙනවද මට දේවී
පද චමින්ද මලලසේකර
ඒ මුල් වලිනි මහ ගස් ජීවත් වෙන්නේ
ආදර රුකෙහි අන්කුරයකි දලුලන්නේ
මම මුල වෙන්න කවදද නුබ ගස වෙන්නේ
කවියක් ලියන්නට යන පොඩි වෙලාවට
නිදහස් මනස වැදගත් කවි කලාවට
ඔය ඇස් වලට මා පෙම් කල තුරාවට
මම කවි ලියමි ඔබෙ ලස්සන හිනාවට
අලි රන්චුවක් පාරේ ඇවිදන් යාවි
එහි ඇත් රජා තුල තේජස් බව පේවී
පිරිමින් ඇවිත් ඔබ හට මදහස පාවි
මම රජු වෙන්න ඔබ වෙනවද මට දේවී
පද චමින්ද මලලසේකර
Tuesday, February 12, 2019
ඉඩෝරයට පසු
ගියමුත් ඉරි තැලී හදවත ඉඩෝරෙට
කවි පැල වුනේ නැ කිසිව්ට අවාරෙට
වැසි වස්සවා වස්සානය ගෙනාවට
කවි පැල කරමි ලස්සන ඔය හිනාවට
සියතුන් හඩන විට මහ ගන කැලෑවක
කාලය නිමාවිය බියකරු ඉඩෝරෙක
රහසින් කියන ලස්සන පෙම් කතාවක
පුරහද නුබයි මට නෑ දැන් අමාවක
අහස නුඹයි නුඹ නිදහසෙ පාවෙන්න
මම මිහිකතයි සිදුවෙයි මට පෑගෙන්න
නොහැකි උනත් මේ දෙක හට එක්වෙන්න
කිසිව්ට එපා ආයෙත් ඈතට යන්න
පද චමින්ද මලලසේකර
කවි පැල වුනේ නැ කිසිව්ට අවාරෙට
වැසි වස්සවා වස්සානය ගෙනාවට
කවි පැල කරමි ලස්සන ඔය හිනාවට
සියතුන් හඩන විට මහ ගන කැලෑවක
කාලය නිමාවිය බියකරු ඉඩෝරෙක
රහසින් කියන ලස්සන පෙම් කතාවක
පුරහද නුබයි මට නෑ දැන් අමාවක
අහස නුඹයි නුඹ නිදහසෙ පාවෙන්න
මම මිහිකතයි සිදුවෙයි මට පෑගෙන්න
නොහැකි උනත් මේ දෙක හට එක්වෙන්න
කිසිව්ට එපා ආයෙත් ඈතට යන්න
පද චමින්ද මලලසේකර
Monday, February 11, 2019
මුහුණු පොතයි සැබෑ හිතයි
නෙත් දෙස බලා යන්තම් පෑ හිනාවට
ඇදගන ඉන්න ඔසරිය ඔබ මනාවට
කතා නොකර ඇස් පවසන කතාවට
හද ගොලු වෙනවා ඔබ හමුවන වෙලාවට
කලු කර තිබුන විට අහසම අදුරු වලා
දේ දුන්නක් ලෙසින් ඔබ එය එලිය කලා
පසුකර ගියත් බොහො අය මට හිනා වෙලා
සිටියෙමි මෙමා ඔබ මා දෙස බලන තුරා
ඇදගන ඉන්න ඔසරිය ඔබ මනාවට
කතා නොකර ඇස් පවසන කතාවට
හද ගොලු වෙනවා ඔබ හමුවන වෙලාවට
කලු කර තිබුන විට අහසම අදුරු වලා
දේ දුන්නක් ලෙසින් ඔබ එය එලිය කලා
පසුකර ගියත් බොහො අය මට හිනා වෙලා
සිටියෙමි මෙමා ඔබ මා දෙස බලන තුරා
විශ්වය ගමක් ලෙස එකිනෙක යා කෙරුව
මුහුණු පොතයි නව අදහස් වල ඔරුව
සතුටක් වුනා ඇගයුම් එහි මට කෙරුව
නොදනිමි හේතුවක් ඔබ මා බ්ලොක් කෙරුව..
පද චමින්ද මලලසේකර
Friday, February 8, 2019
ජීවිතය දිනන්න අතීතයෙන් ඉවත්වන්න
ජිවිතය ජයගන්න හිතන ඔබ ඔබේ ජීවිතයෙන් ඉවත් කරගතයුතු කරුණු 5 ක් ගැන අපි කතාකරන බව පසුගිය ලිපියෙන් අපි ඔබට සදහන් කලා. අද ඉන් මුල්ම කාරණය එහෙමත් නැත්නම් පලමු කාරණය ලෙස අපි කතාකරන්නෙ ඔබේ දුක්බර අතීතය හා අනාගතය ගැනයි.
ඔබේ දුක්බර අතීතයට ඔබේ වර්තමානය හෝ අනාගතය පාලනය කරන්නට ඉඩ දෙන්න එපා. අතීතයේ මොන සිදුවීම් සිදු වී තිබුනද ඔබට නැවත එය වෙනස්කල නොහැකි නිසා ඔබ කලයුත්තේ අතීතයට යන්නදීම පමනි.
අතීතයේ සිදුවූ අමිහිරි දුක්බර දෑ සියල්ල අමතක කර දමන්න එවිට අතීතයට ඔබේ අනාගතයේ ආලෝකය වලකාලිය නොහැකි.
තවකකු විසින් ඔබට කරනලද වැරද්දකට ඔබට දිය හැකි හොදම පිලිතුර ඔබ ජයග්‍රහනය කිරීමයි ඔබ ජීවිතය අසාර්තක කර ගැනීම යනු ඔබ ඔවුන් ජයග්‍රහනය කරවීමකි.
මෙම පින්තූරයේ තිබෙන්නේ වාහනයක ඉදිරිපස කොටස වන අතර එහි පිටුපස බලන කන්නාඩිය කුඩාවටත ඉදිරිය බලන කොටස ඉතා විසාලවත් සාදා ඇත්තේ ඉදිරිය පුලුල්ව දැකීමටත් පිටුපස බලන කන්නාඩිය ඇත්තේ අවශ්‍ය අවස්තාවලදී පිටුපස බැලීමටත්ය.
ඔබ පිටුපස බලන කන්නාඩිය දෙසම බලාගන ධාවනය කලහොත් ඔබව අනතුරකට ලක් වන අතර ඔබ පිටුපස බැලිය යුත්තේ අනතුරක් වලක්වා ගැනීමට පමනි.
ජීවිතයේත් මෙම න්‍යාය එසේම වන අතර ඔබ අතීතය දෙස බලමින් වදවෙමින් ගමන් කලහොත් ඔබ ජීවිතයේ සාර්තකත්වය මග හැර විනාශය කරා ගමන්කරනු ඇත.
ජීවිතය සාර්තක කරගැනීමට සිතන ඔබ අතීතයට ජීවිතය පාලනය කිරීමට නොදී අද දවසේ කල යුතු දෑ කරමින් ජීවිතය සතුටෙන් ගතකල යුතුය එවිට ඔබේ අනාගතය සාර්තක වනු නොඅනුමාණය.
Thursday, February 7, 2019
මා පතන පෙම්වතිය
මනුදමින් පෝසත්ය
හදවතින් බෝසත්ය
ගති ගුණත් ගුණවත්ය
හැසිරීම තැන්පත්ය
පෙනුමෙනුත් රෑමත්ය
දැනුමෙනුත් නැණවත්ය
මා පතන පෙම්වතිය
මේ ලෝකේ ඇය නැතිය
නොමැත එම පෙම්වතිය
මේ ගුණය ඔබ සතුය
ආදරය කරමි මම
ඔබට මගෙ සදවතිය
පද චමින්ද මලලසේකර
හදවතින් බෝසත්ය
ගති ගුණත් ගුණවත්ය
හැසිරීම තැන්පත්ය
පෙනුමෙනුත් රෑමත්ය
දැනුමෙනුත් නැණවත්ය
මා පතන පෙම්වතිය
මේ ලෝකේ ඇය නැතිය
නොමැත එම පෙම්වතිය
මේ ගුණය ඔබ සතුය
ආදරය කරමි මම
ඔබට මගෙ සදවතිය
පද චමින්ද මලලසේකර
Sunday, February 3, 2019
සුද්දා ලැබූ නිදහස
දරුවන් දාන්නට යම යුද්දෙකි ඇත්තේ
පාසල් ගිය පසුව නිදහස නම් නැත්තේ
නොගියොත් එහෙම ඉවරයි ටියුශන් පැත්තේ
දරුවන් නොවෙද මුල් නිදහස ලැබ යුත්තේ
වැඩ කල්දායි අපි රාහුට බියවීලා
පොරොන්දමට ආලය ඇත යටවීලා
මොන දේ කලත් ලෝකෙට උත්සව දාලා
අදහස් වලින් අප තාමත් සිරවීලා
පක්ශෙක සිරවෙලා අන්ධයි හැමදාම
පුරුද්දක්ය මුන් රට කෑ බව කීම
කිය කිය නැවත නැවතත් පසු පස යාම
පෙන්වයි වහල් බව මිනිසුන් තුල තාම
කේලම් කියා කොටවන පිරිසකි ඇත්තේ
බඩ ගැන පමණි රට ගැන ආලය නැත්තේ
මේ වගේ නොවේ මිනිසුන් ඉන්ග්ලන්ඩ් පැත්තේ
අපගෙන් සුද්දාය නිදහස ලැබ ගත්තේ
පද :
චමින්ද මලලසේකර
පාසල් ගිය පසුව නිදහස නම් නැත්තේ
නොගියොත් එහෙම ඉවරයි ටියුශන් පැත්තේ
දරුවන් නොවෙද මුල් නිදහස ලැබ යුත්තේ
වැඩ කල්දායි අපි රාහුට බියවීලා
පොරොන්දමට ආලය ඇත යටවීලා
මොන දේ කලත් ලෝකෙට උත්සව දාලා
අදහස් වලින් අප තාමත් සිරවීලා
පක්ශෙක සිරවෙලා අන්ධයි හැමදාම
පුරුද්දක්ය මුන් රට කෑ බව කීම
කිය කිය නැවත නැවතත් පසු පස යාම
පෙන්වයි වහල් බව මිනිසුන් තුල තාම
කේලම් කියා කොටවන පිරිසකි ඇත්තේ
බඩ ගැන පමණි රට ගැන ආලය නැත්තේ
මේ වගේ නොවේ මිනිසුන් ඉන්ග්ලන්ඩ් පැත්තේ
අපගෙන් සුද්දාය නිදහස ලැබ ගත්තේ
පද :
චමින්ද මලලසේකර
Wednesday, January 30, 2019
ජීවිතය දිනන්නට ජීවිතයෙන් ඉවත් කලයුතු කරුනු 5ක්
ජීවිතය කියන්නෙ හරිම සුන්දර ලැබීමක් ඒත් බොහෝ දෙනෙක් ජිවත් වෙන්නේ ආතතිය පිරුනු නොසතුට රජකරන ලෝකයක, මේ සුන්දර ජීවිතය අසුන්දර කර ගන්නේ අපිමයි.
මොනතරම් පිරිසිදු ලස්සන තැනකට උනත් කුණු දූවිලි එකතුවෙන එක සාමාන්‍ය දෙයක් එහෙම එකතුවෙන කුනු දූවිලි ඉවත් කරල ඒ ස්ථානය පිරිසිදුකරන්න අපි අමතක නොකරන්නේ එහෙම උනොත් එම ස්ථානය අපිරිසිදු වෙන නිසා.
ඒ වගේම කුනු එකතුවෙලා දුර්ගන්ධයක් එද්දි අපිට ඒක ඉවසන්න බැරි නිසා.
දවසම වැඩකරල නිවසට යන අපි දහඩිය දාලා කුණු දූවිලි වැදුන අපේ සිරුර පිරිසිදු කරගන්නේ අපිට නැවුම්බවක් අවශ්‍ය නිසා මෙන්ම ගතට සැහැල්ලුවක් ද දැනෙන නිසා, රාත්‍රි පිරිසිදු නැවුම් සිරුරක් එක්ක නින්දට යන අපි උදේ අවදිවුනාට පස්සේ නැවතත් සිරුර පිරිසිදු කරන්නේ පුරුද්දට වගේම දවස නැවුම්ව ආරම්භ කරන්න එය අත්‍යාවශය නිසවෙනි.
මිනිසුන් වන අපිට තියෙන්නේ ශරීරය, නිවස වගේම ඊටත් වඩ වේගයෙන මොහොතින් මොහොත ජරාජීර්ණවන මනසක්.
ඒත් බොහෝ මිනිසුන් සිරුර හා නිවස පිරිසිදු කිරීමට දරන උත්සහයෙන් සුලු ප්‍රමාණයක් වත් තම මනස පිරිසිදු කිරීම සදහා භාවිතා නොකරන අතර ජිවිත කාලය පුරාම අනවශ්‍ය දෑ සිතතුල රදවාගනිමින් පීඩනයකින් යුතුව ජීවත් වේ.
කොහොම උනත් මනස පිරිසිදු කරගන්න අවශ්‍ය ක්‍රම වගේම ජිවිතයේ සතුට කරා වෙගයෙන් ගමන් කරන්න ඔබට අවශයනම්
ඔබ ඉවත දැමියයුතු කුණු ගොඩවල් 5ක් ගැන අපි මේ ලිපි මාලාවෙන් ඔබට කියාදෙන්න සූදානම්
අපි විශ්වාසයෙන් ඔබට කියනව මේ කාරනා ඔබේ ජීවිතයෙන් ඉවත් කරගැනීම තුලින් ඔබේ ජිවිත සාර්තකත්වයේ මාවත වෙගයෙන් මේ මොහොතේ සිටම විවර වන බව.
ජීවිතය ජයගන්න සතුටින් ඉන්න අවැසි ඔබ එක්වන්න අන්වීක්ශය වෙබ් පිටුව සමග...
චමින්ද මලලසේකර
Monday, January 28, 2019
අප්‍රකට ප්‍රේමය
මුල්ම දිනේ මම ඔබෙ රුව දුටුවාම
කැටයම් වුනා එය බිතු සිතුවම් සේම
දෙනෙත් වලින් පමණක් වන හමුවීම
පෙන්වයි ලපටි බව අප සිත්වල තාම
තරුවක් ලෙසින් ආ නිල් අබරේ පායා
සිත්තරකුගේ තෙලි තුඩකින් හැදි සේයා
මගෙ ඇස් වලටනම් වරදක් නොම වේයා
ඔබ නොදෙවෙනිය දේවිය හට මහමායා
ලස්සන ඇස් දෙකට සුන්දර සිනාවට
මට කවි ලිවිය හැක තාලෙට කලාවට
හිරුට සදුට එක්වෙනු බැරි තුරාවට
අපි එක් නොවේ මේ ජීවිතෙ පුරාවට
පාලුව දැනෙන විට ගීයක් මුමුනන්න
සද සාවියව ඔබගේ තනියට ගන්න
දුකක් දැනුන හැම විටකම හිනැහෙන්න
පෙම හිමි නැතත් සද සේ ඔබ බබලන්න.
පද චමින්ද මලලසේකර
කැටයම් වුනා එය බිතු සිතුවම් සේම
දෙනෙත් වලින් පමණක් වන හමුවීම
පෙන්වයි ලපටි බව අප සිත්වල තාම
තරුවක් ලෙසින් ආ නිල් අබරේ පායා
සිත්තරකුගේ තෙලි තුඩකින් හැදි සේයා
මගෙ ඇස් වලටනම් වරදක් නොම වේයා
ඔබ නොදෙවෙනිය දේවිය හට මහමායා
ලස්සන ඇස් දෙකට සුන්දර සිනාවට
මට කවි ලිවිය හැක තාලෙට කලාවට
හිරුට සදුට එක්වෙනු බැරි තුරාවට
අපි එක් නොවේ මේ ජීවිතෙ පුරාවට
පාලුව දැනෙන විට ගීයක් මුමුනන්න
සද සාවියව ඔබගේ තනියට ගන්න
දුකක් දැනුන හැම විටකම හිනැහෙන්න
පෙම හිමි නැතත් සද සේ ඔබ බබලන්න.
පද චමින්ද මලලසේකර
Friday, January 25, 2019
Tuesday, January 22, 2019
මන්මුලාවූ මගේ මිතුරා
දෙනෙත් පෙනුනද අන්ද විලසිනි මහ මගේ මම හැසිරුනේ
ගමන් කලයුතු පාර කොහිදැයි කිසිත් නෑ මට වැටහුනේ
උදවු ගන්නට කිසිම කෙනෙකුන් නොමැත මහමග හමුවුනේ
පාර වැරදී මන් මුලාවී අතරමග මා නැවතුනේ
මම, මන්මුලාවී යනවිට තුල කතර
යායුතු මග කියා කල සේවය නිතර
ඔබනම් සැබෑ මිතුරෙකි අන් සැම අතර
ගූගල් මැප් එකයි මගෙ ආදර මිතුර
පද චමින්ද මලලසේකර
ගමන් කලයුතු පාර කොහිදැයි කිසිත් නෑ මට වැටහුනේ
උදවු ගන්නට කිසිම කෙනෙකුන් නොමැත මහමග හමුවුනේ
පාර වැරදී මන් මුලාවී අතරමග මා නැවතුනේ
මම, මන්මුලාවී යනවිට තුල කතර
යායුතු මග කියා කල සේවය නිතර
ඔබනම් සැබෑ මිතුරෙකි අන් සැම අතර
ගූගල් මැප් එකයි මගෙ ආදර මිතුර
පද චමින්ද මලලසේකර
Sunday, January 20, 2019
ප්‍රශ්ණ අභියෝග බවට පෙරලා අභියෝග ජයගැනීමේ කලාව.
විභාග, ප්‍රශ්ණ පත්‍ර , ප්‍රශ්ණ කියන්නේ පාසල් වයසේ දරුවන්ට, තරුණයන්ට අමුතු අලුත් දේවල් නෙවෙයි, විභාග සදහා ප්‍රශ්ණ මොන ආකාරයට ආවත් ඒවට පිලිතුරු දෙන්න ඔවුන් පුරුදු වෙනවා.
විභාග වලදි ප්‍රශ්ණ වලට හොදට පිලිතුරු දෙන හැමෝම විභාග ජය ගන්නවා වගේම පිලිතුරු දෙන්න නොහැකිවෙන අය විභාග අසමත් වෙනවා.
විභග අසමත් උනත් ක්‍රීඩවන් වගේම සෞන්දර්ය ක්‍රියාකාරකම් වලින් දක්ශතා පෙන්නලා තවත් පිරිසක් ජීවිතය සාර්තක කරගන්නවා.
අපි මේ කතාකලේ පාසල් ජීවිතය ගැන ඒ අපි හැමොටම පාසල් කාලයක් තිබුන නිසා එහෙමත් නැත්නම් දැනටමත් පාසල් කාලයක් ගතකර්න නිසා.
පාසල් කාලෙන් පස්සේ ජිවිතය ඉතාම සන්කීර්ණ එකක් පාසල් කාලෙන් පස්සේ එන ජීවිත් ප්‍රශ්ණ පාසලේ විභාග වලට ආව තරම් සරල නොවන අතර පාසලේදි ප්‍රශ්ණ වලට මුහුන දීලා ලබන පන්නරය ජීවන ගැටලු සාර්තකව විසදා ගැනීමට මහත් පන්නරය වන බව නොරහසක්.
පන්නරයක් ලැබුනත් නැතත් අපි ජීවත් වෙනවා, ඒත් බොහොම සුලු පිරිසක් දැනෙන්න ජීවත් වෙද්දි තවත් පිරිසක් හුස්ම වැටෙන නිසා ජීවත් වෙනවා,
දැනෙන්න ජීවත් වෙන්න නම් ජීවිතය විදවන් නැතුව විදින්න ඔනි ඒත් කෙනෙක්ට හිතෙන්න පුලුවන් ජීවිතය විදින්නනම් ප්‍රශ්ණ නැති වෙන්න ඔනි කියලා,
ඒත් ප්‍රශ්ණ නැති ජීවිත මේ ලෝකේ තිබිලත් නෑ ඉදිරියෙදි තියෙවි කියල හිතන්නත් බෑ නමුත් ඔනිම ප්‍රශ්ණයකට විසදුමක් තිබෙන බවනම් ස්ථිර කාරණයක්
ජීවිතය විදින්න ඔනිනම් අපි කරන්න ඔනි ප්‍රශ්ණ නැති ජීවිත හොයනවා වෙනුවට ප්‍රශ්ණ වලට විසදුම් සොයාගත් හැකි පුද්ගලයකු වීමයි.
ජිවිතේ ඔබට ලැබෙන ප්‍රශ්ණ අපි ප්‍රශ්ණ විදියට නොදැක අභියෝග විදියට දකින්න පුලුවන්නම් ප්‍රශ්ණයක් විසදන හැම මොහොතකම අපි ඇභියෝගයක් ජය ගත්තා යැයි කියන ජයග්‍රහී හැගිම අපිට දැනෙනු ඇත.
අභියෝග සදහා අපි තුල ඇති හැකියාව, ශක්තිය අපේ ජීවිතවල සාර්ථකත්වයට උපකාරීවන බව සරල සත්‍යයක්,
ප්‍රශ්ණ ප්‍රශ්ණ විදියට නොව අභියෝග ලෙස දකින්නට අභියෝග ජයගෙන ජීවිතය දිනන්නට ඔබට පුරුදු කරන ජීවිතය දෙස අලුත් ඇසකින් බලන්නට, ජීවිතයේ නොපෙනෙන දක්ශතා දකින්නට ඔබට කියාදෙන්න අන්වීක්ශය අපි සූදානම් එක්වන්න ඔබ දිනවන ලිපි මාලාව කියවන්න අන්වීක්ශය සමග
Friday, January 18, 2019
කවියාගේ දොස්තර බිරිද
රෑ හදපානෙ එහි ලස්සන දකින්නට
ඒ දෙස බලා කවි පදවැල් ලියන්නට
වැටෙන පින්න ටික ටික හිස තෙමෙන්නට
කවියකු විලස ආසයි මම විදින්නට
පිස්සුද එලියේ ඔය පින්නට තෙමෙන්නේ
හදට යන්න හිතිලද උඩ බලන්නේ
ඇගෙ වෙදකමට කවිරස නෑ දැනෙන්නේ
කවියට නොවේ ඇය මට පෙම් කරන්නේ
එනවිට නෝනා නුඹ ඉගසුග නලවාලා
මගෙ හද මැදුර ආදරයෙන් පුරවාලා
මුව හසරැල්ල මා සිහිනෙක සතපාලා
දෙන්නද ඔබට මම හදවත ගලවාලා.
ඔබෙ ඔය හදවතින් මට ඇති ඵලක් නැත
ලබ් ඩබ් එකේ නම් පොඩි ප්‍රශ්ණයක් ඇත
ප්‍රෙසර් වැඩී කෑමට ලුණු මිරිස් නැත
දොස්තර ගෑනි හට කවියකු වැඩක් නැත..
පද : චමින්ද මලලසේකර
Tuesday, January 15, 2019
Sunday, January 13, 2019
වලාකුලට පෑ සෙනෙහස
සුදුවන් සුදුම පාටින් නිල් අහස පුරා
බිතු සිතුවමක් සේ මා නෙත් වසග කරා
මද නල වැදී ඔබ විසිරී යනෙන තුරා
වලාකුලට මම පෑවෙමි ආල නුරා
සද එලියක්ය ලස්සන කවි කලාවට
එනමුදු වැසී යයි කලු පැහැ වලාවට
දවස පුරා ඔබ සිහිවෙන වෙලාවට
සද යැයි සිතමි සැගවුනු වැහි වලාවට
නිල් අහසට සුදු එක්කල හැඩකාර
වලාකුලේ ඇයි ඔච්චර දගකාර
තනි කර දැම්මෙ මේ කෙල්ලව පවුකාර
වෙන කෙල්ලක්ව ගෙන එන්නද කරකාර
පද : චමින්ද මලලසේකර
Friday, January 11, 2019
මවුකිරි හා පිටිකිරි
රොකට් තිබේ ලෝකයෙ සද වෙත යන්න
මිනුමක් නොමැත ලොව සෙනෙහස මැන ගන්න
පිටිකිරි වලට බෑ මවුකිරි පරදන්න
මැසිමක් නොමැත ලේ මවු කිරි කරලන්න
සිරුරේ හැඩය නැතිවෙයි කැතවෙයි සිතුව
මවු වරු සොයයි පිටිකිරි මවුකිරි නැතුව
වැඩි කර සෙනේ දරුවට අම්මලා පැතුව
දරුවන් සිනාසෙයි උරමින් පියයුරුව
මවු කිරි වලින් දරු සෙනෙහස වෙලුන වෙලේ
ඒ සෙනෙහසින් වැඩිවෙයි දරුවනගෙ බලේ
පිටිකිරි තනන්නට එලකිරි දොවන වෙලේ
සිහියට ගන්න හරකුන් හට නොමැත මොලේ
පද: චමින්ද මලලසේකර
Tuesday, January 8, 2019
අහිමි සදවතී...
හද එලියෙන් දිලිසෙන විට දිස්නෙ දිදී
මුලු ලෝකයම ඔබෙ ලස්සන නොදැක නිදී
සිහිනෙන් ඇවිත් ආලෙන් මා සමග බැදී
සිටි පිනි බිදුව සැගවිය හිරු රැසින් මිදී
සිහිනෙන් ඇවිත් ආලෙන් මා සමග බැදී
සිටි පිනි බිදුව සැගවිය හිරු රැසින් මිදී
සද දැක ගන්න සිතමින් එලියට ආව
තරු රෑනක් ඇවිත් මුව හසරැල් පෑව
හද සේ එලිය දී සිනහව ඔබ පෑව
කෙලෙසක දකින්නද දිලිසෙන තරු ගාව
තරු රෑනක් ඇවිත් මුව හසරැල් පෑව
හද සේ එලිය දී සිනහව ඔබ පෑව
කෙලෙසක දකින්නද දිලිසෙන තරු ගාව
හිනැහෙන නමුදු ඔබ අහසේ ඈත හිද
සැතපෙමි මෙමා ඔබෙ සිනහවෙ පහස විද
ඈතින් ඉදන් රැස් විහිදන සෙනේ සද
හිමි නැති උනත් ඔබ සදමය තරුන් මැද
සැතපෙමි මෙමා ඔබෙ සිනහවෙ පහස විද
ඈතින් ඉදන් රැස් විහිදන සෙනේ සද
හිමි නැති උනත් ඔබ සදමය තරුන් මැද
පද චමින්ද මලලසේකර
දස්කොන් ප්‍රමිලා...
යන එන ගමන් වාසලෙ ඉගි බිගි පාය..
දස්කොන් සමග ඇය ආලෙන් බැදුනාය.
වාසල පුරා පෙම් හසරැල් ඇසුනාය
රහසින් ප්‍රේම කල ඇය නම් ප්රමිලාය
වාසල පුරා පෙම් හසරැල් ඇසුනාය
රහසින් ප්‍රේම කල ඇය නම් ප්රමිලාය
දිලිසෙන සමයි හැඩි දැඩි සිරුරයි ගාව..
ප්‍රමිලා දේවිනම් ඇය සුරතල් වූව
අඩවන් දෙනෙත් වැසෙනාවිට හද ගාව
වෙලුනා රමණයේ විලසින් මත් ඌව..
ප්‍රමිලා දේවිනම් ඇය සුරතල් වූව
අඩවන් දෙනෙත් වැසෙනාවිට හද ගාව
වෙලුනා රමණයේ විලසින් මත් ඌව..
රජුට හොරෙන් සද එලියේ බැදි හාද
රජු දැන ගන්නෙ දස්කොන් හින්දම නේද
සෙනවි කුමට මේ ලෙස අණුවන වීද
රමණය එලෙස මරණයකින් නිම වේද
රජු දැන ගන්නෙ දස්කොන් හින්දම නේද
සෙනවි කුමට මේ ලෙස අණුවන වීද
රමණය එලෙස මරණයකින් නිම වේද
පද චමින්ද මලලසේකර
Subscribe to:
Posts (Atom)