Sunday, May 19, 2019

කිංග්ස්වුඩ් විදුහලේ වැඩ බැරි වැඩ බලන විදුහල්පතිගේ හා චක්ගෝලයන්ගේ දූශණ හා වංචා

2019 මාර්තුමස 22 වන දින පැවති කිංග්ස්වූඩ් විද්‍යාලීය පාසල් ස්ංවර්ධණ සමිතියේ මහ සභාව සදහා විද්‍යාලීය වැඩබලන් විදුහල්පති එච්. ඒ. බන්ඩාර මහතාගේ අත්සනින් යුතුව සභාගත කරන ලද අයවැය වාර්තාව සභාවෙන් ප්‍රතික්ශේප වූ අතර එහි වියදම් පැහැදිලි කිරීමට වැඩබලන විදුහල්පති වරයා අපෝහොසත් වීම ඒ සදහා මුලික වූ හේතුව වීය.

එසේම සංවර්ධන සමිතියේ මුදල් දෙසැම්බර් 31 වන විට  පාසලේ සංවර්ධන වැඩ සදහා යෙදවිය යුතු අතර පාසල දිනෙන් දින ජරාජීර්න වෙන පසුබිමක ගිනුම තුල මිලියන 19 ක් ඉතිරිව තිබීමද දෙමාපියන්ගේ විමතියට හේතුවිය. එසේ ඉතිරිව තිබියදී නව වර්ශය සදහා රුපියල් 6000ක් පමන පහසුකම් ගාස්තු ලෙස එකතු කිරීමට මෙම කේවට්ටයන් සූදානම් වෙමින් සිටී.

පාසල් සංවර්ධණ සමිතියට අදාල චක්‍රලේකණයට අනුව මෙම අයවැය මාර්තු 31 වනදාට පෙර සම්මත කරගැනීමේන් අනතුවරුව විඝණනය සදහා අදාල අංශවෙත ලබාදියයුතු උවද මහසභාවෙන් මාස දෙකක් ගතවන තුරුම එය සම්මත කරගැනීමට මෙම වැඩබලන් විදුහල්පති වරයා අසමත්ව සිටී.

අප්‍රේල් පාසල් නිවාඩුව හා 21න් පසු රටේ තත්වය මහසභාවක් නොපැවැත් වීම සදහා නිදහසට කරුනු විය හැකි අතර මාර්තු 22 සිට අප්‍රේල් 6 පාසල් වාර නිවාඩුව සදහා සති දෙකක් කාලයක් තිබු අතර එම කාලය තුල නැවත මහසභාවක් නොකැද වූවේ අයවැයේ අඩුපාපු සකසා ගැනීමට නොහැකි වු නිසා බවත් එයට අව්ශ්‍ය ව්‍යජ බිල් සකසා ගැනීමට නොහැකි වු නිසාවෙනැයි දෙමාපියන් තුල මහත් සැකයක් පවතී.

මහසභාවේදි අය වැය පිලිබදව අසන ලද ප්‍රශ්ණවලට පිලිතුරු ලබාදීමට අසමත් වූ වැඩබලන විදුහල්පති වරයා ඔහුගේ වැඩබැරි බව සමස්ත සභාව ඉදිරියේ ප්‍රධර්ශණය කරන ලදි. එම අවස්තාවේ සභාවේ රැදීසිටි ලන්කා ෆ්‍රැන්සිස් නියෝජ්‍ය විදුහල්පති වරයා හා නවරත්න නියෝජ්‍ය විදුහල් පතිතුමියද මෙම අයවැය පිලිබදව කිසිවක් කීමට අපොහොසත් වූ අතර පාසලේ සම්පත් අවභාවිතා කිරීමටනම් ඔවුන් අති දක්ශයන් බව අපට අනාවරණය වී ඇත.

කෙසේ නමුත් ක්‍රිකට් තණතීරු සැකසීමට යනුවෙන් ලක්ශ 10 ක මුදලක් සංවර්ධණ සමිති ගිනුමෙන් පිටකර ඇති අතර ඒ පිලිබදව පැහැදිලි කිරිමට මෙම වැඩ බැරි විදුහල්පති වරයා අපොහොසත් වූ අතර කිසිම සොයා බැලීමකින් තොරව මෙම අයවැය අත්සන් කර ඇතිබවට එය ප්‍රමාණවත් සාක්ශියක් වීය. එසේම ක්‍රීඩාභාර ආචාර්ය වරයා වන නියෝජ්‍ය විදුහල්පති ෆ්‍රැන්සිස් මහතාද එම මුදල පිලිබදව පැහැදිලි කිරීමට අපොහොසත් වූ අතර එම මුදල වියදම් වූ ආකාරය පිලිබදව ලදුපත් පාසලේ නොතිබූ බවත් ඒවා සැකසීමට තුන්වන පාර්ශව වෙත කතාකරන බවත් ශාක්ෂි සහිතව අපවේත තොරතුරු ලැබී ඇත.

තවත් අපහැදිලි තැන් ගනනාවක් මෙම ගිණුම තුල දැකිය හැකිවන අතර සමහර වැය සදහා ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර ඇතිබව අපි සාක්ෂිසහිතව ඔප්පු කිරීමට සූදානමින් සිටිමු.

මේ පිලිබද විදිමත් පරීක්ෂණ තාමත් අවසන්වි නොමැති බැවින් සියලු තොරතුරු මෙම ලිපිය මගින් ඉදිරිපත් නොකරන අතර අවශ්‍ය අවස්තාවලදී සියල්ල නම් සහිතව හෙලි කිරීමට අප සූදානමිනි සිටිමු.

පාසලේ දරුවෙකු අසනීප වූ විට ත්‍රීරොද රතවල රෝහල වෙත යවන පාසලේ ක්‍රීඩා කන්ඩායම් සදහා වැන් රතය ලබා නොදෙන හා ලබා දුන්නද ඒ සදහා ඉන්ධණ සදහා දෙමාපියන්ගෙන් අයකරගන්න මෙම විදුහල් පති ඇතුලු නඩය පාසල් වැන් රතය උපරිමයෙන් අවභාවිතා කරන අතර ෆ්‍රැන්සිස් හා නවරත්න දෙපල මේය තමන්ගේ බුදලක්යැයි සිතා සිටිති.

පාසලේ සිදුවන දුශණ සදහා මොවුන් දෙදෙනාද සම්භන්ධ වන අතර ඔවුන් පාසලක් පරිපාලනයට සුදුසුද යන්න සිතෙන ආකාර්යේ මෙන්ම ඔවුන් පිලිබදව පිලිකුලක් ඇතිවන ආකාරයේ දුශණ පිලිබද තොරතුරු ශාක්ෂි සහිතව අපවෙත ලැබී ඇති අතර අප ඒවා පුද්ගලිකවම පරික්ශාකර තහවුරු කරගනු ලැබීය.

මෙවන් හොර දෙටුවන්ගේ ක්‍රියාවන් නිසා ශ්‍රිලංකාවේ ප්‍රධාන පාසලක් වන කිංග්ස්වුඩ් විද්‍යාලය දිනෙන් දින පරිහානියට පත්වන අතර. සමස්ත පාසල් පද්ධතියෙන්ම මෙවන් වගකීමක් නැති මිනිසුන් අතුගා දැමිය යුතුය

මේ පිලිබදව පැමිනිලි අප අධ්‍යාපන අමාත්‍ය වරයාට , ලේකම් වරයාට, විඝණකාදිපති වරයාට , පලාත් අධ්‍යාපන අධ්‍යක්ශක වරයාට හා අල්ලස හා දුශණ කොමිසමට දැනුම්දී ඇති අතර විශිෂ්ට පාසලක ශිෂ්ටත්වය රැකගැනීමට ඔවුන්ගේ ඉක්මන් පරීක්ෂණයක් සිදුවෙන තුරු බලා සිටිමු.

සටහන ආචාර්ය චමින්ද මලලසේකර
(සියලු දත්ත මා සතුව ඇත )

චායාරූප කීපයක්  RANDLES LEGION





No comments:

Post a Comment