21 ප්‍රහාරයත් සමග ත්‍රස්තවාදය හා රටේ ඉදිරි වැඩ පිලිවල පිලිබදව බොහෝ අය අදහස් දක්වති ඉන් වැඩි දෙනකු මෙම ලිපිය කියවීමට කම්මැලියන් වන අතර ඉක්මනින් දැකිය හැකි බොරු බෙගල් විශ්වාසකරමින් අදහස් ප්‍රකාශකරන්නන්ය.
එම නිසා මේ ලිපිය උඩින් පල්ලෙන් බලා දොඩවන්නන් සදහා නොව කියවා බලා යතාර්තය තේරුම්ගන්නන් සදහාය.
වසර 10 කට පසු ත්‍රස්ත භීතියෙන් රට ගිනිගෙන ඇත ඒ අමිහිරි හා බිහිසුනු අත්දැකීම සමස්ත රටතුලම පැතිරගියේය. අන්තවාදය නැවතත් තම මිලේච්චත්වය ලොවට කියා පෑවේය. අප අවුරුදු 30ක කුරිරු යුද්දයක ත්‍රස්තවාදී අත්දැකීම් විද ඇත්තෙමු, නමුත් LTTE ත්‍රස්තවාදය හා අන්තවාදි ඉස්ලාම් ත්‍රස්තවාදය හාත්පසින් වෙනස්ය. LTTE යනු අපරටේ ක්‍රියාකාරි වූ ත්‍රස්ත කන්ඩායමක් වූ අතර ඔවුන්ට පැහැදිලි අරමුනක් තිබින. ඔවුන් යුද වැදුනේ ඒ අරමුන උදෙසාය ඔවුන් වෙනත් රටවල් වෙත ප්‍රහාර එල්ල නොකලේය නමුත් ඉස්ලාම් අන්තවාදීන්ට පැහැදිලි අරමුණක් නොමැත ඔවුන් සටන් වදින්නේ නැත ඔවුන් මිලෙච්ච ප්‍රහාර එල්ල කරති ඒ දෙවියන් උදෙසාය.
ඔවුන් ලෝකය පුරා ත්‍රස්තවාදය පතුරවමින් සිටී. අප එම දරුණු ඛේදවාචයකයකට මුහුණදි අවසන්ය ආර්තිකයටද ඉමහත් වු බලපැමක් එල්ලවී ඇත. දැන් අපි කල යුත්තේ මාද්ය වීරයන් වීම නොව සැබෑ ආර්තික හා ආරක්ශක විසදුමක් සොයා යාමය.
ISIL සංවිධානය මෙම පිපිරවීම සදහා වගකීම භාරගෙන ඇත, ලෝකයේ අනිත් රටවලට ඔවුන් කල පහරදීම සලකා බැලීමේදි මෙය ඔවුන් කල බවට සිතන්නට මෙන්ම තහවුරු කර ගැනීමට හේතු සාධකද ඇත. අන් රටවල සිදුකල පිපිරවීම් වලට සාපේක්ශව මෙහි දැකිය හැකි ලොකුම වෙනස වන්නේ සියලුම ත්‍රස්තවාදීන් මෙරට පුරවැසියන් වීමය. ආගම් ප්‍රචාරය හා ක්‍රියාකාරකම් සදහා අප ලබාදුන් අසීමිත නිදහස එයට බලපෑ හේතුවක් විය හැක.
අතිතය අපිට බොහෝ දේ කියා දෙනු ඇත. ලොකයේ අනිත් රටවල සිදු වූ මෙවන් බිහිසුනු පිපිරවීම හා ඒවාට පසු එම රටවල් සාමන්‍ය ජනජීවිතය ගොඩනැගු අයුරුත් එම රටවල ආර්තිකය ගොඩ නංවාගත් ආකාරයත් ඒ සදහා යොදගත් උපායන් අධ්‍යයනයත් අපට වැදගත් විය හැකි බව නිසාවෙන් කෙරෙන සටහනකි මේ.
9/11 වොෂින්ටන් ප්‍රහාරය
ලොකයේ සිදු වූ දරුණුම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකිය හැකි අතර එය අල්කයිඩා නම් ඉස්ලාම් අන්තවාදීන් විසින් සිදුකරන ලදි. ගුවන්යානා දෙකක් පැහැරගැනීමෙන් සිදුකල මෙම ප්‍රහාරය 2996 කට පමණ ජීවිත අහිමිකල අතර 6000 කට වඩා පිරිසක් තුවාල ලැබුහ.
සිදිදියෙන් පසු වේගයෙන් ක්‍රියාත්මක වූ ඇමරිකානු රජය වසරක් තුල පෙන්ටගනය මුලුමනින්ම සාදා අවසන් කල අතර මෙම ව්‍යසනයේ අදුරු සෙවනැලි වලින් ගැලවීමට වසර 5කට අධික කාලයක් ගතවිය.
බාලි (ඉන්දුනීසියා) ප්‍රහාරය
2002 ඔක්තෝම්බර 12 වන දින සිදුකල ප්‍රහාරයද ස්තාන 3 කදී එකවර සිදුකල අතර අල්කයිඩා සංවිධානය මෙම පහරදීමේ වගකීම භාර ගන්නා ලදි. පුද්ගලයින් 202 කට ජීවිතය අහිමිකල මෙම සිදුවීමෙන් 220ක් පමන තුවාල ලැබීය මියගිය පිරිස බහුතරයක් විදේශිකයන් වූ අතර (ඔස්ට්‍රලියන් ජාතිකයන් 88, සහ වෙනත් විදේශිකයන් 20 ඒ අතර වියා එම සිදුවීම ඉන්දුනීසියානු රජයට මහත් ආර්තික පරිහාණියක් ගෙනදුන්නේය. අද ඉන්දුනීසියාව ලොකයේ ප්‍රධාණ විදෙස් සංචාරක නවාතැන්පලක් වී ඇත.
2015 නොවැම්බර් පැරිසියේ ප්‍රහාරය
ISIL නම් අන්තවාදි ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් සිදුකල මෙම ප්‍රහාරයද එකම අවස්තානයේ ස්තාන කීහිපයක් ඉලක්ක කරගනිමින් සිදුකල අතර එම ප්‍රහාරය සදහාද බෝම්බ කරුවන් තිදෙනෙකු සහභාගි වී සිටියේය. පාපන්දු ක්‍රීඩා තරගයකට එල්ලවූ ප්‍රධාන ප්‍රහාරය සමගම තවත් ස්තාන දෙකක පිපිරවීම් සිදුවූ අතර මෙම ප්‍රහාරයට සමගාමිව වෙඩිතබා ඝාතනය කිරීමක්ද සිදුවිය.
සිරියා යුද්ධයට සහයදීම නිසා පලිගැනීමක් ලෙස සිදුකල මෙම ප්‍රහාරය උදැසන 9.20, 9.30 හා 9.52 යන වේලාවන්හිදි සිදුකරන ලදි.
2016 බෙල්ජියමේ බෘසල්ස් ප්‍රහාරය
2016 මාර්තු 22 වනදින බෘසල්ස් ගුවන්තොටුපලේදී සිදුකරන ලද මෙම ත්‍රස්ත ප්‍රහාරයද බොම්බ කරුවන් තිදෙනෙකු යොදවාගන කරන ලද පිපිරවීම් මාලාවකි. ගුවන්තොටුපලේ මෙන්ම මාල්බේක් මෙට්‍රො දුමරිය ස්තානයේද පිපිරවිම සිදු කල අතර 35 දෙනෙකුට මරු කැදවූ මෙම ප්‍රහාරය තුලින් 320 ක් පමණ තුවාල ලැබීය. එසේම එම බෝම්බ ප්‍රහාරයෙන් පසුව කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී තවත් පුපුරා නොගිය බෝම්බ කීපයක් සොයාගැනීමට බෙල්ජියම් ආරක්ශ අංශ සමත්විය.
ලෝක ත්‍රස්තක්‍රියා හා පාස්කු ඉරිදා ප්‍රහාරය අතර සම්භන්ධය
මෙම සිදුවීම් හා පාස්කු ඉරිදා ප්‍රහාරය අතරද සම්භන්ධකම් දැකිය හැකිවන අතර විශේෂය වන්නේ පාස්කු ප්‍රහාරය දේශිය ත්‍රස්තවාදීන් විසින් සිදු කිරීම හා ස්ථාන 6 කදී සිදු කිරීමය.
අල්කයිඩා හෝ ඓSඓළ් සංවිධාන රටවල් අත්පත් කරගැනීමේ අභිලාශයෙන් ඉහත කිසිම ප්‍රහාරයක් සිදු කර නොමැති අතර සියල්ල පලිගැනීමේ චේතනාවෙන් සිදුකල ඒවා ලෙස පෙනී යයි.
කෙටිකාලින හා ඉක්මන් උපායන්
බෙල්ජියමය සිදුවීමත් සමගම ගුවන්ත්ටුපල ක්‍රියාවන් හා පොදු ප්‍රවාහනයන් මුලුමනින්ම නවතා දැමූ අතර නගරයේ සියලු ක්‍රියාවලින් නවතා සොදිසි මෙහෙයුම් සිදුකරන ලදි. නගරයේ පොදු ප්‍රවාහනය දිනක්දී සාමාන්‍ය තත්වයට පත්කල අතර දින 11කදී ගුවන්තොටුපල විවෘත කරන ලදි
දුරකතන භාවිතයේදි ඇති වූ තදබදය නිසා සමාජ මාධ්‍ය හරහා තම සමීපතයන්ට තමාගේ තත්වය පැහැදිලි කරන ලෙස රජය ප්‍රකාශ කල අතර බෙල්ජියම් ජාතිකයන් දැඩි විනයක් ඇතිව සමාජ මාධ්‍ය භාවිතා කලේය.
ප්‍රංශ ප්‍රහාරයෙන් පසු මාධ්‍ය මගින් සිදුවූ අසත්‍ය ප්‍රචාර නිසා සාමාන්‍ය ජන ජීවිතය අඩාල වූ අතර මාධ්‍ය සිදුකරනු ලබන අසත්‍ය ප්‍රචාරවලට විරුද්ධව ක්‍රියාකිරිමට රජය තීන්දුකිරීමත් සමගම සාමාන්‍ය ජන ජීවිතය යතා තත්වයට පත්විය
ත්‍රස්තවාදයෙන් පසු ආරක්ශාව හා අර්තිකය ගොඩනැංවීම
මෙම සෑම ක්‍රියාවලියක්ම විදෙස් සංචාරක ක්‍රමාන්තය ඉලක්ක කරමින් සිදුකල ඒවා වන අතර සිදුවීම් වලින් පසුව සාමාන්‍ය තත්වයට සංචාරක ව්‍යාපාරය පත්විම සදහා අවම මාස 13 ක කාලයක් ගත වී ඇත. නමුත් මාසයක් වැනි කෙටි කාලයකින් සාමාන්‍ය ජන ජීවිතය යතාතත්වයට පත් වී ඇති අතර ප්‍රධාන සිදුවීමෙන් පසු ප්‍රහාරයන්ද වාර්තා වී නොමැත.
ප්‍රංශය හා බෙල්ජියම භාවිතා කල ප්‍රහාරවලින් පසු රට හා සංචාරක ව්‍යාපාර සාමාන්‍ය තත්වයට පත්කලහැකි උපාය මාර්ග
01. දේශීය මෙනම් විදේශිකයන්ගේ විස්තර අන්තර්ජාලය හරහා දැනුවත් කිරීම. විදේශිකයන්ගේ විස්තර ඉතා ඉක්මනින් අන්තර්ජාලයට මුදා හල අතර ඔවුන්ගේ සියලු අවශ්‍යතා රජය විසින් සපුරාලන ලදි
02. රජය විසින් එකමුතු බව වර්ධනය කල අතර බිය වෙනුවට සහකම්පනය වැඩිකල අතර එක්වී දුක බෙදා ගැනීමට හා අනෙකාගේ හැගීම් අවබොධ කරවීමට පියවර ගන්නා ලදි. ජනතාවද භීතිය වැපිරවීම වෙනුවට නැගීසිටීම හා එහි වැදගත්කම ඉස්මතුවන ක්‍රියාකාරකම් වල නිරතවිය.
03. ඉතාමත් ඉක්මනින් එම රටවල් සංචාරයට සිදුසු හා ආරක්ශිත බව ලොවට දැනුම්දෙන (Relax in Brussels,Romantic Paris ) වැනි ප්‍රවර්ධන සිදු කල අතර එය නොකඩවා සිදු කරන ලදි.
04. ජනතාවට නිවැරදි හා විශ්වාසදායී තොරතුරු නිතර නිතර ලබාදුන් අතර අසත්‍ය පුවත් ප්‍රචාරය කරන මාධ්‍ය හා සමාජ මාධ්‍ය පිලිබදව දැඩි දඩුවම් පමුනුවන් ලදි.
සිදුවීම සිදු වී හමාරය ජාතියක් ලෙස අපි නැගීසිටිය යුතුය. පුරුවැසියන් ලෙස අපට කල හැකි දේ බොහොය. මොකුත් කල නොහැකිනම් අසත්‍ය පතුරුවා හරින හෝ තහවුරු කර නොගත් තොරතුරු හෝ පතුරුවා හැරීම නොකර සිටිය යුතුය. ප්‍රායෝගික නොවන සටන්පාට ඉවත දා නිවැරදිව කල හැකි දේ කල යුතුය. මේ සටහන ඔබට ත්‍රස්තවාදයේ ස්වරූපය මෙන්ම ඉන්පසු ගොඩ නැගීමට අවශ්‍ය සරල කාරනා කීපයක් සමාජ ගත කිරීම සදහාය. ඇමරිකාව, ප්‍රංශය, බෙල්ජියම හා ඉන්දුනීසියාව අද විශාල ලෙස ගොඩ නැගී ඇති අතර විදෙශිකයන්ගේ පාරාදීශ බවට පත්වී ඇත..
සටහන ආචාර්ය චමින්ද මලලසේකර
No comments:
Post a Comment