Saturday, May 18, 2019

ජාති වාදියෝ සහ වීර තම්බියෝ


ප්‍රභාකරන් අපට අමතකය, ශ්‍රී දළදාමාලිගයට බෝම්බ ගැසූ, ශ්‍රී මහා බෝධිය අසලට පැන බෞද්ධයන් සමූල ඝාතනය කල අරන්තලාවේදී භික්ශූන් කපා කොටා ඝාතනය කල කරුණා අම්මාන් අපිට අමතකය, මේ සියල්ලට අනුබල දුන් කුමරන් පද්මනාදන් හෙවත් K.P අපිට අමතකය,

නමුත් සහරාන් ඇතුලු මුස්ලිම් නඩය අපට තාමත් අමතක නැත 300 කට අදික පිරිසකට මරු කැදවමින් 500 කට අධික පිරිසක් තුවාල කල මුලු රටම පස්සට ඇද දැමූ සහරාන් සාප ලබමින් තාමත් අප සිත්වල සිටී. ඒ සිද්ධියේ උණුසුම නිසාය.

අමිහිරි මතකයන් අමතක කිරීම හොදය ඒවා කරපින්නාගන ජාතියක් ලෙස අපිට ඉදිරියට යා නොහැක. සිද්ධීන් අමතක කලද අප අත්දැකීම පාවිච්චි කල යුතුය,

ශිෂ්ඨ මිනිසුන් අමිහිරි දේ අමතක කරද්දී සිද්දිය වවා ගනිමින් දේශප්‍රේමින් බිහිවී ඇවිලෙන ගින්නට පිදුරු දමන අයුරු අපි දුටුවෙමු. ඔවුන් තම්බින්ට ගැසුවේය තම්බින්ගේ කඩ ගෙවල් කුඩු කර දැම්මේය, පදම මදිවූ විට සිංහල මිනිසකුගේ තැබෑරුමට පහර දී ඇති තරම් සප්පායම් උනේය .

සහරාන් එකවර 300ක් මරා 500 කට තුවාල සිදුකරන විට මදූශ් මැරි මැරි උපදින දෙමාපියන්, 1000 ගනනක් බිහිකරමින් දහස් ගනනක් වූ අපේ තාරුණ්‍ය විනාශ කර දැම්මේය.

මදුශ් හා ඔහුගේ හෙන්චයියන් සිංහල වූ පමනින් අපි සියල්ලෝ කුඩු මුදලාලිලා නොවූහ.මදූශ් සිංහල වුවද මදූශ්ට එලව එලවා පහර දුන්නේ D.I.G. ලතීෆ්ය



 සිංහලයෙකුට තම්බියෙක් පහර දෙන බව කියන්නට අපිට ශක්තියක් නොවීය. ඒ තම්බියා ඉදිරියේ මහා වීර කුඩු මදුශ් වෙවුලුවේය , එය තම්බියා සිංහලයා යට කිරීමක් නොව දක්ශ පොලිස් නිලධාරියෙකු කුඩ්ඩෙකු අල්ලා ගැනීමක් විය.

සහරාන් දේශද්‍රෝහී තම්බියෙක් වන විට මේජර් මුතාලිෆ් අපිට දේශප්‍රේමියෙකි. හමුදා බුද්ධි අංශතුල කැපී පෙනෙන දශ්කම් පෑ මුතාලිෆ් තම්බියෙක් වුව ජාතික වීරයෙකි ඔහු රැක්කේ සමස්ත ශ්‍රී ලාංකිකයන් මිස ජාතීන් නොවේ.

බෞද්ධයන් බුද්ධිමතුන්ය එසේම බොහෝ සිංහලයන්ද බෞද්ධයන්ය එසේනම් අප බුද්ධිමත් ජාතියක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. බුද්ධිමත් මිනිසුන් ත්‍රස්තවාදියා හදුනා ගනී, ත්‍රස්තවාදියා හෝ කුඩු වෙලෙන්දාගේ ජාතිය හෝ ආගම කුමක් වුව අපි ඔවුන් පිලිකුල් කරති.

D.I.G  ලතීෆ් මෙන්ම මේජර් මුතාලිෆ් ද නිල ඇදුමට කඩවසම්ය, ඔහු සිංහල අපිට සාමාන්‍යය. ඔවුන් අපෙන් එකෙක් බව අපට දැනෙන්නේ ඒ නිසාය. නමුත් සහරාන් රැවුල වවා කබා අදින අන්තවාදියෙකි සහරාන් අසාමන්‍ය මිනිසෙකි ඔහු අපේ එකෙක් සේ නොහැගේ , කබා අදින රැවුල දිග සියල්ලො අපිට ත්‍රස්තවාදීන් සේ පෙනෙයි.

මොන බන කිවුවත් අපි පෘත්ග්ජන මිනිසුන්ය අපි හැමට ආවේග ඇත එමනිසා සිංහලයා කුපිත වෙන ලෙස නොසිට ඇදුමෙන් පවා සාමාන්‍ය වූ විට අපිට තම්බියාද සිංහලයාද වෙනසක් නොදැනීමට ඉඩ ඇත.

දමිළ, මුස්ලිම්, කතෝලික සැමට පන්සලේ දොර ඇරී ඇත. මේ සියල්ලන්ටම කිතුනු පල්ලියද කොවිලද ඇරී ඇත. මුස්ලිම් පල්ලිය සැමට විවෘත විය යුතුය ධර්මය පතුරන්නට රහස් කාමර අවශ්‍ය නැත. ඉගන ගන්නට ශරියා අවශ්‍ය නැත.

අපි තම්බියා කියන්නේ ආදරයටය, තම්බියා ගුටි කන්නේ සමහර තම්බි සිරිත් නිසාය අතීතය බොහෝ පාඩම් කියා දෙද්දී අපි එවා ඉගන වෙනස්විය යුතුය.

සහරාන්ලා, මදුශ්ලා නොව තව තවත් ලතීෆ්ලා, මුතාලිෆ්ලා හදන්නට අපි උත්සහ කල යුතුය එවිට පුන්චි දිවයින බලවත් රාජ්‍යයක් බවට පත් කල හැක

සිංහල කුඩ්ඩාට පහරදෙන තම්බි ලතීෆ්ට අපි ආදරය කරන්නේ ජාතියට නොව ක්‍රියාවටය, මුතාලිෆ් අපිට සම්පතක් වන්නේ ජතියෙන් නොව ක්‍රියාවෙනි,

බුදුන් පුදන අපි දැනගත යුත්තේද පුද්ගලයකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ ක්‍රියාවෙන් මිස ජාතියෙන් හෝ කුලයෙන් නොවන බවය. පහරදිය යුත්තේ ක්‍රියාවට මිස ජාතියට නොවන බව තේරුම් ගැනීමට කාලයයි  මේ

චමින්ද මලලසේකර

No comments:

Post a Comment