Friday, January 18, 2019

කවියාගේ දොස්තර බිරිද





රෑ හදපානෙ එහි ලස්සන                          දකින්නට
ඒ දෙස බලා කවි පදවැල්                             ලියන්නට
වැටෙන පින්න ටික ටික හිස               තෙමෙන්නට
කවියකු විලස ආසයි මම                             විදින්නට

පිස්සුද එලියේ ඔය පින්නට                  තෙමෙන්නේ
හදට යන්න හිතිලද උඩ                             බලන්නේ
ඇගෙ වෙදකමට කවිරස නෑ                 දැනෙන්නේ
කවියට නොවේ ඇය මට පෙම්                 කරන්නේ

එනවිට නෝනා නුඹ ඉගසුග                     නලවාලා
මගෙ හද මැදුර ආදරයෙන්                         පුරවාලා
මුව හසරැල්ල මා සිහිනෙක                     සතපාලා
දෙන්නද ඔබට මම හදවත                        ගලවාලා.

ඔබෙ ඔය හදවතින් මට ඇති ඵලක්                නැත
ලබ් ඩබ් එකේ නම් පොඩි ප්‍රශ්ණයක්              ඇත
ප්‍රෙසර් වැඩී කෑමට ලුණු  මිරිස්                        නැත
දොස්තර ගෑනි හට කවියකු වැඩක්                නැත..

පද : චමින්ද මලලසේකර

No comments:

Post a Comment