යන එන ගමන් වාසලෙ ඉගි බිගි පාය..
දස්කොන් සමග ඇය ආලෙන් බැදුනාය.
වාසල පුරා පෙම් හසරැල් ඇසුනාය
රහසින් ප්‍රේම කල ඇය නම් ප්රමිලාය
වාසල පුරා පෙම් හසරැල් ඇසුනාය
රහසින් ප්‍රේම කල ඇය නම් ප්රමිලාය
දිලිසෙන සමයි හැඩි දැඩි සිරුරයි ගාව..
ප්‍රමිලා දේවිනම් ඇය සුරතල් වූව
අඩවන් දෙනෙත් වැසෙනාවිට හද ගාව
වෙලුනා රමණයේ විලසින් මත් ඌව..
ප්‍රමිලා දේවිනම් ඇය සුරතල් වූව
අඩවන් දෙනෙත් වැසෙනාවිට හද ගාව
වෙලුනා රමණයේ විලසින් මත් ඌව..
රජුට හොරෙන් සද එලියේ බැදි හාද
රජු දැන ගන්නෙ දස්කොන් හින්දම නේද
සෙනවි කුමට මේ ලෙස අණුවන වීද
රමණය එලෙස මරණයකින් නිම වේද
රජු දැන ගන්නෙ දස්කොන් හින්දම නේද
සෙනවි කුමට මේ ලෙස අණුවන වීද
රමණය එලෙස මරණයකින් නිම වේද
පද චමින්ද මලලසේකර
No comments:
Post a Comment