Tuesday, January 22, 2019

මන්මුලාවූ මගේ මිතුරා

දෙනෙත් පෙනුනද අන්ද විලසිනි මහ මගේ මම          හැසිරුනේ
ගමන් කලයුතු පාර කොහිදැයි කිසිත් නෑ මට             වැටහුනේ
උදවු ගන්නට කිසිම කෙනෙකුන් නොමැත මහමග    හමුවුනේ
පාර වැරදී මන් මුලාවී අතරමග මා                               නැවතුනේ

මම,   මන්මුලාවී යනවිට තුල                                     කතර
යායුතු මග කියා කල සේවය                                    නිතර
ඔබනම් සැබෑ මිතුරෙකි අන් සැම                            අතර
ගූගල් මැප් එකයි මගෙ ආදර                                    මිතුර


පද චමින්ද මලලසේකර

No comments:

Post a Comment