ජීවිතය කියන්නෙ හරිම සුන්දර ලැබීමක් ඒත් බොහෝ දෙනෙක් ජිවත් වෙන්නේ ආතතිය පිරුනු නොසතුට රජකරන ලෝකයක, මේ සුන්දර ජීවිතය අසුන්දර කර ගන්නේ අපිමයි.
මොනතරම් පිරිසිදු ලස්සන තැනකට උනත් කුණු දූවිලි එකතුවෙන එක සාමාන්‍ය දෙයක් එහෙම එකතුවෙන කුනු දූවිලි ඉවත් කරල ඒ ස්ථානය පිරිසිදුකරන්න අපි අමතක නොකරන්නේ එහෙම උනොත් එම ස්ථානය අපිරිසිදු වෙන නිසා.
ඒ වගේම කුනු එකතුවෙලා දුර්ගන්ධයක් එද්දි අපිට ඒක ඉවසන්න බැරි නිසා.
දවසම වැඩකරල නිවසට යන අපි දහඩිය දාලා කුණු දූවිලි වැදුන අපේ සිරුර පිරිසිදු කරගන්නේ අපිට නැවුම්බවක් අවශ්‍ය නිසා මෙන්ම ගතට සැහැල්ලුවක් ද දැනෙන නිසා, රාත්‍රි පිරිසිදු නැවුම් සිරුරක් එක්ක නින්දට යන අපි උදේ අවදිවුනාට පස්සේ නැවතත් සිරුර පිරිසිදු කරන්නේ පුරුද්දට වගේම දවස නැවුම්ව ආරම්භ කරන්න එය අත්‍යාවශය නිසවෙනි.
මිනිසුන් වන අපිට තියෙන්නේ ශරීරය, නිවස වගේම ඊටත් වඩ වේගයෙන මොහොතින් මොහොත ජරාජීර්ණවන මනසක්.
ඒත් බොහෝ මිනිසුන් සිරුර හා නිවස පිරිසිදු කිරීමට දරන උත්සහයෙන් සුලු ප්‍රමාණයක් වත් තම මනස පිරිසිදු කිරීම සදහා භාවිතා නොකරන අතර ජිවිත කාලය පුරාම අනවශ්‍ය දෑ සිතතුල රදවාගනිමින් පීඩනයකින් යුතුව ජීවත් වේ.
කොහොම උනත් මනස පිරිසිදු කරගන්න අවශ්‍ය ක්‍රම වගේම ජිවිතයේ සතුට කරා වෙගයෙන් ගමන් කරන්න ඔබට අවශයනම්
ඔබ ඉවත දැමියයුතු කුණු ගොඩවල් 5ක් ගැන අපි මේ ලිපි මාලාවෙන් ඔබට කියාදෙන්න සූදානම්
අපි විශ්වාසයෙන් ඔබට කියනව මේ කාරනා ඔබේ ජීවිතයෙන් ඉවත් කරගැනීම තුලින් ඔබේ ජිවිත සාර්තකත්වයේ මාවත වෙගයෙන් මේ මොහොතේ සිටම විවර වන බව.
ජීවිතය ජයගන්න සතුටින් ඉන්න අවැසි ඔබ එක්වන්න අන්වීක්ශය වෙබ් පිටුව සමග...
චමින්ද මලලසේකර
No comments:
Post a Comment