දරුවන් දාන්නට යම යුද්දෙකි ඇත්තේ
පාසල් ගිය පසුව නිදහස නම් නැත්තේ
නොගියොත් එහෙම ඉවරයි ටියුශන් පැත්තේ
දරුවන් නොවෙද මුල් නිදහස ලැබ යුත්තේ
වැඩ කල්දායි අපි රාහුට බියවීලා
පොරොන්දමට ආලය ඇත යටවීලා
මොන දේ කලත් ලෝකෙට උත්සව දාලා
අදහස් වලින් අප තාමත් සිරවීලා
පක්ශෙක සිරවෙලා අන්ධයි හැමදාම
පුරුද්දක්ය මුන් රට කෑ බව කීම
කිය කිය නැවත නැවතත් පසු පස යාම
පෙන්වයි වහල් බව මිනිසුන් තුල තාම
කේලම් කියා කොටවන පිරිසකි ඇත්තේ
බඩ ගැන පමණි රට ගැන ආලය නැත්තේ
මේ වගේ නොවේ මිනිසුන් ඉන්ග්ලන්ඩ් පැත්තේ
අපගෙන් සුද්දාය නිදහස ලැබ ගත්තේ
පද :
චමින්ද මලලසේකර
No comments:
Post a Comment