Friday, January 11, 2019

මවුකිරි හා පිටිකිරි


රොකට් තිබේ ලෝකයෙ සද වෙත                        යන්න
මිනුමක් නොමැත ලොව සෙනෙහස මැන          ගන්න
පිටිකිරි වලට බෑ මවුකිරි                                    පරදන්න
මැසිමක් නොමැත ලේ මවු කිරි                        කරලන්න

සිරුරේ හැඩය නැතිවෙයි කැතවෙයි                     සිතුව
මවු වරු සොයයි පිටිකිරි මවුකිරි                         නැතුව
වැඩි කර සෙනේ දරුවට අම්මලා                          පැතුව
දරුවන් සිනාසෙයි උරමින්                                පියයුරුව

මවු කිරි වලින් දරු සෙනෙහස වෙලුන               වෙලේ
ඒ සෙනෙහසින් වැඩිවෙයි දරුවනගෙ                  බලේ
පිටිකිරි තනන්නට එලකිරි දොවන                    වෙලේ
සිහියට ගන්න හරකුන් හට නොමැත             මොලේ

පද: චමින්ද මලලසේකර

No comments:

Post a Comment