Sunday, January 20, 2019

ප්‍රශ්ණ අභියෝග බවට පෙරලා අභියෝග ජයගැනීමේ කලාව.

විභාග, ප්‍රශ්ණ පත්‍ර , ප්‍රශ්ණ කියන්නේ පාසල් වයසේ දරුවන්ට, තරුණයන්ට අමුතු අලුත් දේවල් නෙවෙයි, විභාග සදහා ප්‍රශ්ණ මොන ආකාරයට ආවත් ඒවට පිලිතුරු දෙන්න ඔවුන් පුරුදු වෙනවා. 

විභාග වලදි ප්‍රශ්ණ වලට හොදට පිලිතුරු දෙන හැමෝම විභාග ජය ගන්නවා වගේම පිලිතුරු දෙන්න නොහැකිවෙන අය විභාග අසමත් වෙනවා. 

විභග අසමත් උනත් ක්‍රීඩවන් වගේම සෞන්දර්ය ක්‍රියාකාරකම් වලින් දක්ශතා පෙන්නලා තවත් පිරිසක් ජීවිතය සාර්තක කරගන්නවා. 

අපි මේ කතාකලේ පාසල් ජීවිතය ගැන ඒ අපි හැමොටම පාසල් කාලයක් තිබුන නිසා එහෙමත් නැත්නම් දැනටමත් පාසල් කාලයක් ගතකර්න නිසා. 

පාසල් කාලෙන් පස්සේ ජිවිතය ඉතාම සන්කීර්ණ එකක් පාසල් කාලෙන් පස්සේ එන ජීවිත් ප්‍රශ්ණ පාසලේ විභාග වලට ආව තරම් සරල නොවන අතර පාසලේදි ප්‍රශ්ණ වලට මුහුන දීලා ලබන පන්නරය ජීවන ගැටලු සාර්තකව විසදා ගැනීමට මහත් පන්නරය වන බව නොරහසක්. 

පන්නරයක් ලැබුනත් නැතත් අපි ජීවත් වෙනවා, ඒත් බොහොම සුලු පිරිසක් දැනෙන්න ජීවත් වෙද්දි තවත් පිරිසක් හුස්ම වැටෙන නිසා ජීවත් වෙනවා,

 දැනෙන්න ජීවත් වෙන්න නම් ජීවිතය විදවන් නැතුව විදින්න ඔනි ඒත් කෙනෙක්ට හිතෙන්න පුලුවන් ජීවිතය විදින්නනම් ප්‍රශ්ණ නැති වෙන්න ඔනි කියලා,

 ඒත් ප්‍රශ්ණ නැති ජීවිත මේ ලෝකේ තිබිලත් නෑ ඉදිරියෙදි තියෙවි කියල හිතන්නත් බෑ නමුත් ඔනිම ප්‍රශ්ණයකට විසදුමක් තිබෙන බවනම් ස්ථිර කාරණයක් 

ජීවිතය විදින්න ඔනිනම් අපි කරන්න ඔනි ප්‍රශ්ණ නැති ජීවිත හොයනවා වෙනුවට ප්‍රශ්ණ වලට විසදුම් සොයාගත් හැකි පුද්ගලයකු වීමයි. 

ජිවිතේ ඔබට ලැබෙන ප්‍රශ්ණ අපි ප්‍රශ්ණ විදියට නොදැක අභියෝග විදියට දකින්න පුලුවන්නම් ප්‍රශ්ණයක් විසදන හැම මොහොතකම අපි ඇභියෝගයක් ජය ගත්තා යැයි කියන ජයග්‍රහී හැගිම අපිට දැනෙනු ඇත. 

අභියෝග සදහා අපි තුල ඇති හැකියාව, ශක්තිය අපේ ජීවිතවල සාර්ථකත්වයට උපකාරීවන බව සරල සත්‍යයක්, 

ප්‍රශ්ණ ප්‍රශ්ණ විදියට නොව අභියෝග ලෙස දකින්නට අභියෝග ජයගෙන ජීවිතය දිනන්නට ඔබට පුරුදු කරන ජීවිතය දෙස අලුත් ඇසකින් බලන්නට, ජීවිතයේ නොපෙනෙන දක්ශතා දකින්නට  ඔබට කියාදෙන්න අන්වීක්ශය අපි සූදානම් එක්වන්න ඔබ දිනවන ලිපි මාලාව කියවන්න අන්වීක්ශය සමග


No comments:

Post a Comment