වැකියක් කියවන්නට කැමති ලිපියක් කියවන්නට අකමැති නමුත් බුකියෙන් රට පෙරලන්නට දගලන විද්වත් ඔස්තාර්ලා සිටින රටක ඔවුන්ගෙන් පත්වන පාලකයන්ගෙන් ගමරාලට වඩා හොද පාලකයෙක් තෝරා ගැනීම ලෙහෙසි වන්නේ නැත.
මත්ද්‍රව්‍ය වලට වඩා සීග්‍රයෙන් අපි සමාජ මාධ්‍යට ඇබ්බැහි වෙමින් සිටිමු. කුඩුවලට ඇබ්බැහි වූවන් ගේ මනස විකාර වන අතර පරිකල්පනය හා නිර්මාණශීලිත්වය සහමුලින්ම විනාශ වී යයි. එවන්ම වූ ඉරණමක් සමාජ මාධ්‍ය තුලින්ද සිදුවෙමින් පවතී. සමාජ මාධ්‍යට අනුව සිතුම් පැතුම් වෙනස් කරගන්නා නූතන පරම්පරාව තමන්ගේ පරිකල්පණ ශක්තිය, නිර්මාණශීලීත්වය හා තාර්කික විශ්ලේශණයන් විනාශකරගනිමින් සිටී. සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන ඕනෑම තොරතුරක් සත්‍ය සේ පිලිගන්නා බහුතරයක් වර්ථමානයේ දැකිය හැකි අතර ඊට නොදෙවනි මඩ හා බොරු ප්‍රචාරයන් සමාජගත කරන ජඩ මාධ්‍යද යහපතට වඩා මඩිය තර කරගැනීමට උත්සහ කරමින් සිටී.
සමාජ මාධ්‍ය විකාශණය තුල හොද මෙන්ම නරකද සමබරව ඇති අතර හොදට වඩා වේගයෙන් නරක වෙත ඇදීයාම සාමාන්‍ය ස්වාභාවය නිසාවෙන් සමාජ මාධ්‍ය අවභාවිතාව මහා පරිමාණයෙන් දැකිය හැක්.
කුඩු කාරයා ඔනි දේකට අතපොලසන් දෙන්නේ මනස විකල්වී හොද නරක නොතේරෙන නිසාවෙනි . කුඩු ගසා මත් වූවන් වැනි මිනිසුන්, ගකීමකින් හා පාලනයකින් තොරව සමාජ මාධ්‍ය හරහා ගෙන එන ඔනෑම කුණු පුවතක් ඉහ මුදුනෙන් පිලිගන විශ්ලේශණයකින් හෝ විමර්ශණයකින් තොරව තීන්දු තීරණ ගැනීමට පෙලබෙන සමාජයක තමා කැමති දේශපාලුවා හොරකම් කරන විට අත්පොලසන් දෙමින් අකමැති එකා මොන හොදක් කලද දෙස් දෙවොල් තබන ම්නිසුන් සිටින සමාජයක පිරිසිදු පාලකයන් බලාපොරොත්තු වීම හීනයකි.
මේ රටට අව්ශ්ය වන්නේ කුඩු බී සිහිවිකල් වුවන් , සමාජ මාධ්‍යයෙන් සිහි විකල් කරගත්තවුන් නිසා හෝ
අනිකාගේ අඩුපාඩු තුලින් ගොඩ ඒමට දගලන නායකයකු නොව මනා සැලැස්මක් ඇතිව මිනිසුන් තුල ආකල්පමය වෙනසක් ඇති කල හැකි නායකයෙකි. පැලැස්තර අලවන්නට කුඩා ළමයකුට වුවද කල හැකි වන අතර මැහුම් දමා නිට්ටාවට සුවවනසේ ශල්‍ය කරම කල හැක්කේ ශල්‍ය වෛද්‍ය වරයකුට පමණක් බැව් මේ රටේ ජනතාව මනාව අවභොධ කරගන්නා තුරු මේ දුශිතයන් මේ රටේ කරනම් ගසමින් මෙම සුන්දර දිවයින විනාශ කරනු ඇත.
කුඩු කාරයකු ගෙට ගැනීමට බියව්න අප බොරු දිගහරිමින් අපිව අන්දන කුඩ්ඩන්ට එහා ගිය විනාශයක් රටට සිදුකරන මිනිසුන් අපේ සමාජ මාධ්‍ය පිටුවේ මිතුරන් ලෙස රදවාගන සිටිමු. රටෙන් බොරුව වංචාව සුද්දකරන්නට ආරම්භ කරමු බොරු කාරයන් එලවා අපේ සමාජ මාධ්‍ය පිටුවෙන්
අචාර්ය චමින්ද මලලසේකර
No comments:
Post a Comment