Thursday, March 7, 2019

ආන්ඩුකාර තුමාගේ One Way අවුල


මහනුවර පෙරාදෙණිය මාර්ගය One Way  කිරීම සදහා අන්ඩුකාර වරයා ගත් තීරණයත් සමග විවිධ ගැටලු කාරී තත්වයන් මතු වී තිබෙනවා. One Way කිරීම රතවාහන තදබදයට යම්තාක් දුරට සහනයක් උවත් නිසි යටිතල පහසුම් සැලසිමෙන් තොරව එය සිදු කිරීම තුලින් ගැටලු කාරී තත්වයන් මතුවී තිබෙන අතර ජනතාව දැඩි අප්‍රසාදයෙන් යුතුව සිටී.

01. පාසල් දරුවන් සදහා වන ප්‍රශ්ණ


  • මහානාම විදුහලට පේරාදෙණියේ සිට පැමිනෙන දරුවන් දන්ගොල්ල හන්දියේ හෝ ගන්නොරු පාලමට පෙර වාහනයෙන් බැස විශාල දුරක් පයින් පැමිනිය යුතුය. ගැටඹේ හන්දිය පාසල් සිසුන්ට ඉතාමත අනාරක්ශිත ස්තානයකි. 

  • එසේ නොමැතිනම් විලියම් ගොපල්ලව මාවතේ බැස Railway Crossing එකෙන් පැමිනිය යුතුය එය නීති විරොදි මෙන්ම ඉතාම අනාරක්ෂිතය

  • කිංග්ස්වුඩ් විදුහලට හා සීතා දේවි දරුවන්ට මෙය විශාල ප්‍රශ්නයක් නොවන අතර එම දරුවන්ට විලියම් ගොපල්ලව මාවතේ බැස ගුවන් පාලම ඔසෙසේ පැමිනිය හැක. 

  • ස්වර්ණමාලී, ධර්මවික්‍රම දරුවන් විලියම් ගොපල්ලව මාවතේ ඉන්ධන පිරහුම් හල අසල සිට කිලෝමීටරටකට අසන්න දුරක් පයින් පැමිනිය යුත්තේ Railway  හරහාය..
  • වෙනත් ස්තානයකින් පැමිනීම ගැහැනු ලමුන් සදහා කිසිලෙසකත් ආරක්ශාකාරි නොවේ.

  • උසස් බාලිකා හා විහාර මහාදේවි දරුවන් සුදුහුම්පොල හන්දියේ සිට පයින් පැමිනිය යුතු අතර එයද Railway  හරහා සිදුකල යුතුය. 

  • පාසල් අවසන් වන වේලාවට නුවර නගරය දෙසට ගමන් කරන දරුවන් මේ විලසටම අවදානමක් සමග බොහෝ දුරක් ගමන් කල යුතුය,


02. පුද්ගලික වාහන වලින් යන අයට ඇති අවාසි. 


  • මහනුවර සිට සුදුහුම්පොල දෙසට යන අය  හීරැස්සගල හන්දියට පැමින නැවත සුදුහුම්පොල දෙසට විලියම් ගොපල්ලව මාවතේ ගමන් කල යුතුය. 4 KM දුරක් වැඩියෙන් යා යුතුය.

  • ත්‍රී රොද රතයක රුපියල් 80 ක් ගෙවා ගිය ගමන් සදහා රුපියල් 200ක් ගෙවිය යුතුය. 

  • හීරැස්සගලට යන අය තවත් 4KM ක් ගෙවා ගැටබේ ක්‍රීඩන්ගනය අසලින් විලියම් ගොපල්ලව මාවතට පැමින හීරැස්සගලට යා යුතුය. ත්‍රී රොද රතයක යන්නේ නම් 80ක් වෙනුවර රුපියල් 250ක් ගෙවිය යුතුය. 

  • උඩ පාරෙන් පැමිනෙන වාහනයක් හීරැස්සගලට කෙලින්ම ඇතුල්වීමට උත්සහ කිරීම යනු සියදිවි නසාගැනීමක් වැනි වේ. 


ආන්ඩුකාර තුමා පැවසූ පරිදි එතුමාට පොලිස් ආරක්ශාව හා අව්දානමකින් තොරව ගමන් කිරීමට ඉඩ ලැබෙන අතර සාමාන්ය මිනිසුන් වන අපට හා අපගේ දරුවන්ට එසේ ආරක්ශාවක් හෝ විසාල මුදලක් ගෙවා ත්‍රිරොද රථයක යාමට හැකියාවක් හෝ නොමැත. එතුමා රජයේ වාහන වල ගමන් කලද පුද්ගලික වාහනවල යන අප අපගේ වියදමින් එම ගමන් යා යුතුය. 

අප One way සදහා විරුද්ධ නැත නමුත් කලයුතු දේ නොකර මෙවන් අදූරදර්ශී ක්‍රියාවන් තුලින් අපගේ දරුවන් අවදානමකට ලක්වීම අපට බලා සිටිය නොහැක. 

ගුවන් පාලම්, අතුරු පාරවල් (සුදුහුම්පොල හන්දිය හා හීරැස්සගල හන්දිය අතර තවත් අතුරු පාරක්, හීරැස්සගල හන්හියේ සිට ගැටබේ අතර තවත් පාරක් හෝ දෙකක්) මුලින් සකසා ඔබ මේ ක්‍රියාවලිය සදහා මුල පිරුවානම් මිටවඩා ප්‍රතිඵල ලැබිය හැක. 

චමින්ද මලලසේකර




No comments:

Post a Comment