අන්වීක්ෂය Anveekshaya
ජීවිතය දිනන්නට, අලුත් ඇහැකින් දකින්නට ඔබට කියා දෙන, කවියෙන් ගීතයෙන් හා කතාවෙන් පිරුණු අලුත්ම අත්දැකීම...එක්වන්න අන්වීක්ෂය සමග ජීවිතයේ ඔබ නොදුටු බොහෝ හොද දේවල් අපි ඔබට පෙන්වලා දෙන්නම්,
Friday, July 19, 2019
පසුතැවිල්ල
මෙගේ දිවියට එලිය දෙනුවස්
දිසාපාමොක් ඇදුරු වෙත ගොස්
හැරදමා මා හැඩූ නුබෙ ඇස්
කියාදුනි පිය සෙනෙහසේ අනුහස්
ජීවිතේ මට මග හැරී සොදුරු
අද මගේ සිත පසුතැවෙන ඇයුරූ
කනක පිරිමුත් කාලයෙන් දිලිදූ
මගේ දිවියෙන් ඈත්විය සමිදූ
තරුකැට විසිකර සද වෙත පිය මැන්නා..
අමාවකේ අද අදුරෙම පසුවෙන්නා..
වෙවුලන දෑතට සවියක් වෙන්නට
නොහැක පියානනි පණ නල දෙන්නට
මා හොදටම දිලිදුයි ..
මගෙ ලෝකය අදුරුයී...
චමින්ද මලලසේකර
Tuesday, June 11, 2019
මදූශ්ට එහා ගිය සකබර්ග් ගේ විනාශය, කුඩු වලට වඩා වේගයෙන් ඇබ්බැහිවන සමාජ මාධ්‍ය ,
වැකියක් කියවන්නට කැමති ලිපියක් කියවන්නට අකමැති නමුත් බුකියෙන් රට පෙරලන්නට දගලන විද්වත් ඔස්තාර්ලා සිටින රටක ඔවුන්ගෙන් පත්වන පාලකයන්ගෙන් ගමරාලට වඩා හොද පාලකයෙක් තෝරා ගැනීම ලෙහෙසි වන්නේ නැත.
මත්ද්‍රව්‍ය වලට වඩා සීග්‍රයෙන් අපි සමාජ මාධ්‍යට ඇබ්බැහි වෙමින් සිටිමු. කුඩුවලට ඇබ්බැහි වූවන් ගේ මනස විකාර වන අතර පරිකල්පනය හා නිර්මාණශීලිත්වය සහමුලින්ම විනාශ වී යයි. එවන්ම වූ ඉරණමක් සමාජ මාධ්‍ය තුලින්ද සිදුවෙමින් පවතී. සමාජ මාධ්‍යට අනුව සිතුම් පැතුම් වෙනස් කරගන්නා නූතන පරම්පරාව තමන්ගේ පරිකල්පණ ශක්තිය, නිර්මාණශීලීත්වය හා තාර්කික විශ්ලේශණයන් විනාශකරගනිමින් සිටී. සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන ඕනෑම තොරතුරක් සත්‍ය සේ පිලිගන්නා බහුතරයක් වර්ථමානයේ දැකිය හැකි අතර ඊට නොදෙවනි මඩ හා බොරු ප්‍රචාරයන් සමාජගත කරන ජඩ මාධ්‍යද යහපතට වඩා මඩිය තර කරගැනීමට උත්සහ කරමින් සිටී.
සමාජ මාධ්‍ය විකාශණය තුල හොද මෙන්ම නරකද සමබරව ඇති අතර හොදට වඩා වේගයෙන් නරක වෙත ඇදීයාම සාමාන්‍ය ස්වාභාවය නිසාවෙන් සමාජ මාධ්‍ය අවභාවිතාව මහා පරිමාණයෙන් දැකිය හැක්.
කුඩු කාරයා ඔනි දේකට අතපොලසන් දෙන්නේ මනස විකල්වී හොද නරක නොතේරෙන නිසාවෙනි . කුඩු ගසා මත් වූවන් වැනි මිනිසුන්, ගකීමකින් හා පාලනයකින් තොරව සමාජ මාධ්‍ය හරහා ගෙන එන ඔනෑම කුණු පුවතක් ඉහ මුදුනෙන් පිලිගන විශ්ලේශණයකින් හෝ විමර්ශණයකින් තොරව තීන්දු තීරණ ගැනීමට පෙලබෙන සමාජයක තමා කැමති දේශපාලුවා හොරකම් කරන විට අත්පොලසන් දෙමින් අකමැති එකා මොන හොදක් කලද දෙස් දෙවොල් තබන ම්නිසුන් සිටින සමාජයක පිරිසිදු පාලකයන් බලාපොරොත්තු වීම හීනයකි.
මේ රටට අව්ශ්ය වන්නේ කුඩු බී සිහිවිකල් වුවන් , සමාජ මාධ්‍යයෙන් සිහි විකල් කරගත්තවුන් නිසා හෝ
අනිකාගේ අඩුපාඩු තුලින් ගොඩ ඒමට දගලන නායකයකු නොව මනා සැලැස්මක් ඇතිව මිනිසුන් තුල ආකල්පමය වෙනසක් ඇති කල හැකි නායකයෙකි. පැලැස්තර අලවන්නට කුඩා ළමයකුට වුවද කල හැකි වන අතර මැහුම් දමා නිට්ටාවට සුවවනසේ ශල්‍ය කරම කල හැක්කේ ශල්‍ය වෛද්‍ය වරයකුට පමණක් බැව් මේ රටේ ජනතාව මනාව අවභොධ කරගන්නා තුරු මේ දුශිතයන් මේ රටේ කරනම් ගසමින් මෙම සුන්දර දිවයින විනාශ කරනු ඇත.
කුඩු කාරයකු ගෙට ගැනීමට බියව්න අප බොරු දිගහරිමින් අපිව අන්දන කුඩ්ඩන්ට එහා ගිය විනාශයක් රටට සිදුකරන මිනිසුන් අපේ සමාජ මාධ්‍ය පිටුවේ මිතුරන් ලෙස රදවාගන සිටිමු. රටෙන් බොරුව වංචාව සුද්දකරන්නට ආරම්භ කරමු බොරු කාරයන් එලවා අපේ සමාජ මාධ්‍ය පිටුවෙන්
අචාර්ය චමින්ද මලලසේකර
Tuesday, May 28, 2019
Saturday, May 25, 2019
Friday, May 24, 2019
Sunday, May 19, 2019
කිංග්ස්වුඩ් විදුහලේ වැඩ බැරි වැඩ බලන විදුහල්පතිගේ හා චක්ගෝලයන්ගේ දූශණ හා වංචා
2019 මාර්තුමස 22 වන දින පැවති කිංග්ස්වූඩ් විද්‍යාලීය පාසල් ස්ංවර්ධණ සමිතියේ මහ සභාව සදහා විද්‍යාලීය වැඩබලන් විදුහල්පති එච්. ඒ. බන්ඩාර මහතාගේ අත්සනින් යුතුව සභාගත කරන ලද අයවැය වාර්තාව සභාවෙන් ප්‍රතික්ශේප වූ අතර එහි වියදම් පැහැදිලි කිරීමට වැඩබලන විදුහල්පති වරයා අපෝහොසත් වීම ඒ සදහා මුලික වූ හේතුව වීය.
එසේම සංවර්ධන සමිතියේ මුදල් දෙසැම්බර් 31 වන විට පාසලේ සංවර්ධන වැඩ සදහා යෙදවිය යුතු අතර පාසල දිනෙන් දින ජරාජීර්න වෙන පසුබිමක ගිනුම තුල මිලියන 19 ක් ඉතිරිව තිබීමද දෙමාපියන්ගේ විමතියට හේතුවිය. එසේ ඉතිරිව තිබියදී නව වර්ශය සදහා රුපියල් 6000ක් පමන පහසුකම් ගාස්තු ලෙස එකතු කිරීමට මෙම කේවට්ටයන් සූදානම් වෙමින් සිටී.
පාසල් සංවර්ධණ සමිතියට අදාල චක්‍රලේකණයට අනුව මෙම අයවැය මාර්තු 31 වනදාට පෙර සම්මත කරගැනීමේන් අනතුවරුව විඝණනය සදහා අදාල අංශවෙත ලබාදියයුතු උවද මහසභාවෙන් මාස දෙකක් ගතවන තුරුම එය සම්මත කරගැනීමට මෙම වැඩබලන් විදුහල්පති වරයා අසමත්ව සිටී.
අප්‍රේල් පාසල් නිවාඩුව හා 21න් පසු රටේ තත්වය මහසභාවක් නොපැවැත් වීම සදහා නිදහසට කරුනු විය හැකි අතර මාර්තු 22 සිට අප්‍රේල් 6 පාසල් වාර නිවාඩුව සදහා සති දෙකක් කාලයක් තිබු අතර එම කාලය තුල නැවත මහසභාවක් නොකැද වූවේ අයවැයේ අඩුපාපු සකසා ගැනීමට නොහැකි වු නිසා බවත් එයට අව්ශ්ය ව්‍යජ බිල් සකසා ගැනීමට නොහැකි වු නිසාවෙනැයි දෙමාපියන් තුල මහත් සැකයක් පවතී.
මහසභාවේදි අය වැය පිලිබදව අසන ලද ප්‍රශ්ණවලට පිලිතුරු ලබාදීමට අසමත් වූ වැඩබලන විදුහල්පති වරයා ඔහුගේ වැඩබැරි බව සමස්ත සභාව ඉදිරියේ ප්‍රධර්ශණය කරන ලදි. එම අවස්තාවේ සභාවේ රැදීසිටි ලන්කා ෆ්‍රැන්සිස් නියෝජ්‍ය විදුහල්පති වරයා හා නවරත්න නියෝජ්‍ය විදුහල් පතිතුමියද මෙම අයවැය පිලිබදව කිසිවක් කීමට අපොහොසත් වූ අතර පාසලේ සම්පත් අවභාවිතා කිරීමටනම් ඔවුන් අති දක්ශයන් බව අපට අනාවරණය වී ඇත.
කෙසේ නමුත් ක්‍රිකට් තණතීරු සැකසීමට යනුවෙන් ලක්ශ 10 ක මුදලක් සංවර්ධණ සමිති ගිනුමෙන් පිටකර ඇති අතර ඒ පිලිබදව පැහැදිලි කිරිමට මෙම වැඩ බැරි විදුහල්පති වරයා අපොහොසත් වූ අතර කිසිම සොයා බැලීමකින් තොරව මෙම අයවැය අත්සන් කර ඇතිබවට එය ප්‍රමාණවත් සාක්ශියක් වීය. එසේම ක්රීඩාභාර ආචාර්ය වරයා වන නියෝජ්‍ය විදුහල්පති ෆ්‍රැන්සිස් මහතාද එම මුදල පිලිබදව පැහැදිලි කිරීමට අපොහොසත් වූ අතර එම මුදල වියදම් වූ ආකාරය පිලිබදව ලදුපත් පාසලේ නොතිබූ බවත් ඒවා සැකසීමට තුන්වන පාර්ශව වෙත කතාකරන බවත් ශාක්ෂි සහිතව අපවේත තොරතුරු ලැබී ඇත.
තවත් අපහැදිලි තැන් ගනනාවක් මෙම ගිණුම තුල දැකිය හැකිවන අතර සමහර වැය සදහා ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර ඇතිබව අපි සාක්ෂිසහිතව ඔප්පු කිරීමට සූදානමින් සිටිමු.
මේ පිලිබද විදිමත් පරීක්ෂණ තාමත් අවසන්වි නොමැති බැවින් සියලු තොරතුරු මෙම ලිපිය මගින් ඉදිරිපත් නොකරන අතර අවශ්‍ය අවස්තාවලදී සියල්ල නම් සහිතව හෙලි කිරීමට අප සූදානමිනි සිටිමු.
පාසලේ දරුවෙකු අසනීප වූ විට ත්‍රීරොද රතවල රෝහල වෙත යවන පාසලේ ක්‍රීඩා කන්ඩායම් සදහා වැන් රතය ලබා නොදෙන හා ලබා දුන්නද ඒ සදහා ඉන්ධණ සදහා දෙමාපියන්ගෙන් අයකරගන්න මෙම විදුහල් පති ඇතුලු නඩය පාසල් වැන් රතය උපරිමයෙන් අවභාවිතා කරන අතර ෆ්‍රැන්සිස් හා නවරත්න දෙපල මේය තමන්ගේ බුදලක්යැයි සිතා සිටිති.
පාසලේ සිදුවන දුශණ සදහා මොවුන් දෙදෙනාද සම්භන්ධ වන අතර ඔවුන් පාසලක් පරිපාලනයට සුදුසුද යන්න සිතෙන ආකාර්යේ මෙන්ම ඔවුන් පිලිබදව පිලිකුලක් ඇතිවන ආකාරයේ දුශණ පිලිබද තොරතුරු ශාක්ෂි සහිතව අපවෙත ලැබී ඇති අතර අප ඒවා පුද්ගලිකවම පරික්ශාකර තහවුරු කරගනු ලැබීය.
මෙවන් හොර දෙටුවන්ගේ ක්‍රියාවන් නිසා ශ්‍රිලංකාවේ ප්‍රධාන පාසලක් වන කිංග්ස්වුඩ් විද්‍යාලය දිනෙන් දින පරිහානියට පත්වන අතර. සමස්ත පාසල් පද්ධතියෙන්ම මෙවන් වගකීමක් නැති මිනිසුන් අතුගා දැමිය යුතුය
මේ පිලිබදව පැමිනිලි අප අධ්‍යාපන අමාත්‍ය වරයාට , ලේකම් වරයාට, විඝණකාදිපති වරයාට , පලාත් අධ්‍යාපන අධ්‍යක්ශක වරයාට හා අල්ලස හා දුශණ කොමිසමට දැනුම්දී ඇති අතර විශිෂ්ට පාසලක ශිෂ්ටත්වය රැකගැනීමට ඔවුන්ගේ ඉක්මන් පරීක්ෂණයක් සිදුවෙන තුරු බලා සිටිමු.
සටහන ආචාර්ය චමින්ද මලලසේකර
(සියලු දත්ත මා සතුව ඇත )
චායාරූප කීපයක් RANDLES LEGION

Saturday, May 18, 2019
ජාති වාදියෝ සහ වීර තම්බියෝ
ප්රභාකරන් අපට අමතකය, ශ්‍රී දළදාමාලිගයට බෝම්බ ගැසූ, ශ්‍රී මහා බෝධිය අසලට පැන බෞද්ධයන් සමූල ඝාතනය කල අරන්තලාවේදී භික්ශූන් කපා කොටා ඝාතනය කල කරුණා අම්මාන් අපිට අමතකය, මේ සියල්ලට අනුබල දුන් කුමරන් පද්මනාදන් හෙවත් K.P අපිට අමතකය,
නමුත් සහරාන් ඇතුලු මුස්ලිම් නඩය අපට තාමත් අමතක නැත 300 කට අදික පිරිසකට මරු කැදවමින් 500 කට අධික පිරිසක් තුවාල කල මුලු රටම පස්සට ඇද දැමූ සහරාන් සාප ලබමින් තාමත් අප සිත්වල සිටී. ඒ සිද්ධියේ උණුසුම නිසාය.
අමිහිරි මතකයන් අමතක කිරීම හොදය ඒවා කරපින්නාගන ජාතියක් ලෙස අපිට ඉදිරියට යා නොහැක. සිද්ධීන් අමතක කලද අප අත්දැකීම පාවිච්චි කල යුතුය,
ශිෂ්ඨ මිනිසුන් අමිහිරි දේ අමතක කරද්දී සිද්දිය වවා ගනිමින් දේශප්‍රේමින් බිහිවී ඇවිලෙන ගින්නට පිදුරු දමන අයුරු අපි දුටුවෙමු. ඔවුන් තම්බින්ට ගැසුවේය තම්බින්ගේ කඩ ගෙවල් කුඩු කර දැම්මේය, පදම මදිවූ විට සිංහල මිනිසකුගේ තැබෑරුමට පහර දී ඇති තරම් සප්පායම් උනේය .
සහරාන් එකවර 300ක් මරා 500 කට තුවාල සිදුකරන විට මදූශ් මැරි මැරි උපදින දෙමාපියන්, 1000 ගනනක් බිහිකරමින් දහස් ගනනක් වූ අපේ තාරුණ්‍ය විනාශ කර දැම්මේය.
මදුශ් හා ඔහුගේ හෙන්චයියන් සිංහල වූ පමනින් අපි සියල්ලෝ කුඩු මුදලාලිලා නොවූහ.මදූශ් සිංහල වුවද මදූශ්ට එලව එලවා පහර දුන්නේ D.I.G. ලතීෆ්ය
සහරාන් දේශද්‍රෝහී තම්බියෙක් වන විට මේජර් මුතාලිෆ් අපිට දේශප්‍රේමියෙකි. හමුදා බුද්ධි අංශතුල කැපී පෙනෙන දශ්කම් පෑ මුතාලිෆ් තම්බියෙක් වුව ජාතික වීරයෙකි ඔහු රැක්කේ සමස්ත ශ්‍රී ලාංකිකයන් මිස ජාතීන් නොවේ.
බෞද්ධයන් බුද්ධිමතුන්ය එසේම බොහෝ සිංහලයන්ද බෞද්ධයන්ය එසේනම් අප බුද්ධිමත් ජාතියක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. බුද්ධිමත් මිනිසුන් ත්රස්තවාදියා හදුනා ගනී, ත්රස්තවාදියා හෝ කුඩු වෙලෙන්දාගේ ජාතිය හෝ ආගම කුමක් වුව අපි ඔවුන් පිලිකුල් කරති.
D.I.G ලතීෆ් මෙන්ම මේජර් මුතාලිෆ් ද නිල ඇදුමට කඩවසම්ය, ඔහු සිංහල අපිට සාමාන්‍යය. ඔවුන් අපෙන් එකෙක් බව අපට දැනෙන්නේ ඒ නිසාය. නමුත් සහරාන් රැවුල වවා කබා අදින අන්තවාදියෙකි සහරාන් අසාමන්‍ය මිනිසෙකි ඔහු අපේ එකෙක් සේ නොහැගේ , කබා අදින රැවුල දිග සියල්ලො අපිට ත්රස්තවාදීන් සේ පෙනෙයි.
මොන බන කිවුවත් අපි පෘත්ග්ජන මිනිසුන්ය අපි හැමට ආවේග ඇත එමනිසා සිංහලයා කුපිත වෙන ලෙස නොසිට ඇදුමෙන් පවා සාමාන්‍ය වූ විට අපිට තම්බියාද සිංහලයාද වෙනසක් නොදැනීමට ඉඩ ඇත.
දමිළ, මුස්ලිම්, කතෝලික සැමට පන්සලේ දොර ඇරී ඇත. මේ සියල්ලන්ටම කිතුනු පල්ලියද කොවිලද ඇරී ඇත. මුස්ලිම් පල්ලිය සැමට විවෘත විය යුතුය ධර්මය පතුරන්නට රහස් කාමර අවශ්‍ය නැත. ඉගන ගන්නට ශරියා අවශ්‍ය නැත.
අපි තම්බියා කියන්නේ ආදරයටය, තම්බියා ගුටි කන්නේ සමහර තම්බි සිරිත් නිසාය අතීතය බොහෝ පාඩම් කියා දෙද්දී අපි එවා ඉගන වෙනස්විය යුතුය.
සහරාන්ලා, මදුශ්ලා නොව තව තවත් ලතීෆ්ලා, මුතාලිෆ්ලා හදන්නට අපි උත්සහ කල යුතුය එවිට පුන්චි දිවයින බලවත් රාජ්‍යයක් බවට පත් කල හැක
සිංහල කුඩ්ඩාට පහරදෙන තම්බි ලතීෆ්ට අපි ආදරය කරන්නේ ජාතියට නොව ක්‍රියාවටය, මුතාලිෆ් අපිට සම්පතක් වන්නේ ජතියෙන් නොව ක්‍රියාවෙනි,
බුදුන් පුදන අපි දැනගත යුත්තේද පුද්ගලයකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ ක්‍රියාවෙන් මිස ජාතියෙන් හෝ කුලයෙන් නොවන බවය. පහරදිය යුත්තේ ක්‍රියාවට මිස ජාතියට නොවන බව තේරුම් ගැනීමට කාලයයි මේ
චමින්ද මලලසේකර
Subscribe to:
Posts (Atom)