Sunday, March 31, 2019

පුතෙකුගේ විලාපය


Èidmdfudla weÿre fj; f.dia
yeroud ud yevQ kqfn weia
lshdÿks msh fifkyfia wkqyia

Ôúf;a ug u. yeÍ fidÿrE
wo uf.a is; miq;efjk whqrE
lkl msßuq;a ld,fhka È,sÿ
uf.a Èúfhka wE;aúh iñ¥

;releg úislr iofj; mshuekakd
wudjfla wo wÿfru miqfjkakd
fjjq,k oE;g iúhla jkakg
fkdyel mshdkks mK k, fokakg

ud fydogu È,sÿhs’’’ uf. f,dalh wÿrehs

wdpd¾h pñkao u,,fialr

Wednesday, March 13, 2019

අවජාතකයාගේ මරණය



කල වේස කම් වලට  පලිද මම                   අම්මේ
ඇයි මාව අරන් මේ කුණු ගොඩට             දැම්මේ
අපේ ලේ වල තියන ඒ රුදිර                      බැම්මේ
හයිය ඇයි සුදු අම්මෙ මෙහෙම බිද          දැම්මේ

සල්ලි නැත්තම් නුඹට බඩගින්නෙ          ඉන්නම්
සමජය බනිනකොට මුල්ලකට             වෙන්නම්
ඉන්න බෑ මට මෙහෙම කඩි කනවා       දැන්නම්
එක්කො ඔඹ සැන සෙන්න මම මැරිලා  යන්නම්

චමින්ද මලලසේකර

Tuesday, March 12, 2019

නීතියේ වෙසගන

නරි හූ කියයි කැලයක මහ                ඇත්තුන්ට
සත්තු මරා කා හැක වල්                    සත්තුන්ට
වෙරි වැඩි වෙලා මිනිසුන් මැරු          යක්කුන්ට
අප්පෙක් උනේ ඇයි මේ වගෙ             පුත්තුන්ට

කෙලෙසා දුවක් එලියට ඒමට                 පැයකී
යටකර මැරූ මුත් දඩුවම් නැති             සෙයකී
නීතිය අපේ යනවද දින දින                     වියැකී
මේවගෙ විනි-සොරුන් රටටම          පිලලයකී

නීතිය සැමට එක බව අපි                   සිතුවාට
එහෙම රටක් හැමවිට අපි                 පැතුවාට
අදිකරනයේ පිවිතුරු බව                   නැසුවාට
කම් නැත මුන්ට මඩු වල්ගෙන්         ගැසුවාට
කිර කිර හැම විටම සමබර දේ දෙන්න

කිර කිර හැම විටම සමබර දේ           දෙන්න
සිටි දෙවු දුවට විය අද වෙසගන         වෙන්න
සියක් පුතුන් හැදුවත් නීතිය                  දන්න
එකෙකුට හැකිය අම්මගෙ නම  කෙලසන්න

නීතිය රකින්නට උදයම ආව                    සද
අවසන් ගමන් යයි දාහක සුසුම්              මැද
පැන යයි ඔවුන් අද නීතියෙ රැහැන්         බිද
මැරියවු දිනක හෙනපිට හෙන ඇවිත්     වැද

චමින්ද මලලසේකර





Friday, March 8, 2019

වෙසගන දුටු පිරිමිකම

ගනිමි ඔබ දුන් මුදල්
ගනින්නට මම...
ඉන්න බෑ මුන්ට
දැක්කම මගේ ලැම ....

ගෑනිගේ වැරදි ගැන
මුන් කියන විටක හැම...
අහන්නම  හිතෙන්නේ
කෝ තොගේ පිරිමි කම...

ඕනිනම් බුදියන්න
හොරෙන් ඇවිදින් යන්න
ගෑනුන්ට ගරහන්න
එපා මගෙ හිත ගන්න...

පිරිමි සිල්වත්නම්
අපිට කොහෙද වත්කම්
අනේ මුන්ගෙ ලොකු කම්
ඔක්කොම ඇදට එනකම්..

එන උන්ට දාන පෙම
තමා මගෙ හොදම ඇම
වැහි කබා නොමැති කම
මුලකි ලෙඩවෙන්න දෙන්නම

වෙරි වෙලා හොදට බාගෙට
වද දෙන එවුන් වාහෙට
පැය බාගේ ප්‍රේමෙට
ගන්න හදනවා මාව දීගෙට...

චමින්ද මලලසේකර



Thursday, March 7, 2019

ආන්ඩුකාර තුමාගේ One Way අවුල


මහනුවර පෙරාදෙණිය මාර්ගය One Way  කිරීම සදහා අන්ඩුකාර වරයා ගත් තීරණයත් සමග විවිධ ගැටලු කාරී තත්වයන් මතු වී තිබෙනවා. One Way කිරීම රතවාහන තදබදයට යම්තාක් දුරට සහනයක් උවත් නිසි යටිතල පහසුම් සැලසිමෙන් තොරව එය සිදු කිරීම තුලින් ගැටලු කාරී තත්වයන් මතුවී තිබෙන අතර ජනතාව දැඩි අප්‍රසාදයෙන් යුතුව සිටී.

01. පාසල් දරුවන් සදහා වන ප්‍රශ්ණ


  • මහානාම විදුහලට පේරාදෙණියේ සිට පැමිනෙන දරුවන් දන්ගොල්ල හන්දියේ හෝ ගන්නොරු පාලමට පෙර වාහනයෙන් බැස විශාල දුරක් පයින් පැමිනිය යුතුය. ගැටඹේ හන්දිය පාසල් සිසුන්ට ඉතාමත අනාරක්ශිත ස්තානයකි. 

  • එසේ නොමැතිනම් විලියම් ගොපල්ලව මාවතේ බැස Railway Crossing එකෙන් පැමිනිය යුතුය එය නීති විරොදි මෙන්ම ඉතාම අනාරක්ෂිතය

  • කිංග්ස්වුඩ් විදුහලට හා සීතා දේවි දරුවන්ට මෙය විශාල ප්‍රශ්නයක් නොවන අතර එම දරුවන්ට විලියම් ගොපල්ලව මාවතේ බැස ගුවන් පාලම ඔසෙසේ පැමිනිය හැක. 

  • ස්වර්ණමාලී, ධර්මවික්‍රම දරුවන් විලියම් ගොපල්ලව මාවතේ ඉන්ධන පිරහුම් හල අසල සිට කිලෝමීටරටකට අසන්න දුරක් පයින් පැමිනිය යුත්තේ Railway  හරහාය..
  • වෙනත් ස්තානයකින් පැමිනීම ගැහැනු ලමුන් සදහා කිසිලෙසකත් ආරක්ශාකාරි නොවේ.

  • උසස් බාලිකා හා විහාර මහාදේවි දරුවන් සුදුහුම්පොල හන්දියේ සිට පයින් පැමිනිය යුතු අතර එයද Railway  හරහා සිදුකල යුතුය. 

  • පාසල් අවසන් වන වේලාවට නුවර නගරය දෙසට ගමන් කරන දරුවන් මේ විලසටම අවදානමක් සමග බොහෝ දුරක් ගමන් කල යුතුය,


02. පුද්ගලික වාහන වලින් යන අයට ඇති අවාසි. 


  • මහනුවර සිට සුදුහුම්පොල දෙසට යන අය  හීරැස්සගල හන්දියට පැමින නැවත සුදුහුම්පොල දෙසට විලියම් ගොපල්ලව මාවතේ ගමන් කල යුතුය. 4 KM දුරක් වැඩියෙන් යා යුතුය.

  • ත්‍රී රොද රතයක රුපියල් 80 ක් ගෙවා ගිය ගමන් සදහා රුපියල් 200ක් ගෙවිය යුතුය. 

  • හීරැස්සගලට යන අය තවත් 4KM ක් ගෙවා ගැටබේ ක්‍රීඩන්ගනය අසලින් විලියම් ගොපල්ලව මාවතට පැමින හීරැස්සගලට යා යුතුය. ත්‍රී රොද රතයක යන්නේ නම් 80ක් වෙනුවර රුපියල් 250ක් ගෙවිය යුතුය. 

  • උඩ පාරෙන් පැමිනෙන වාහනයක් හීරැස්සගලට කෙලින්ම ඇතුල්වීමට උත්සහ කිරීම යනු සියදිවි නසාගැනීමක් වැනි වේ. 


ආන්ඩුකාර තුමා පැවසූ පරිදි එතුමාට පොලිස් ආරක්ශාව හා අව්දානමකින් තොරව ගමන් කිරීමට ඉඩ ලැබෙන අතර සාමාන්ය මිනිසුන් වන අපට හා අපගේ දරුවන්ට එසේ ආරක්ශාවක් හෝ විසාල මුදලක් ගෙවා ත්‍රිරොද රථයක යාමට හැකියාවක් හෝ නොමැත. එතුමා රජයේ වාහන වල ගමන් කලද පුද්ගලික වාහනවල යන අප අපගේ වියදමින් එම ගමන් යා යුතුය. 

අප One way සදහා විරුද්ධ නැත නමුත් කලයුතු දේ නොකර මෙවන් අදූරදර්ශී ක්‍රියාවන් තුලින් අපගේ දරුවන් අවදානමකට ලක්වීම අපට බලා සිටිය නොහැක. 

ගුවන් පාලම්, අතුරු පාරවල් (සුදුහුම්පොල හන්දිය හා හීරැස්සගල හන්දිය අතර තවත් අතුරු පාරක්, හීරැස්සගල හන්හියේ සිට ගැටබේ අතර තවත් පාරක් හෝ දෙකක්) මුලින් සකසා ඔබ මේ ක්‍රියාවලිය සදහා මුල පිරුවානම් මිටවඩා ප්‍රතිඵල ලැබිය හැක. 

චමින්ද මලලසේකර