Wednesday, February 27, 2019

හිතට හොරෙන් , කවියාට

මගෙ ඇස් දෙකට නුඹ ලියනා කවි       වලට
හැගුමන් ඇවිත් පෙරලෙන විට පද      බවට
සිතුනත් කරන්නට ආලය කවි            සිතට
කියා ගන්න බැරි මගෙ අසරණ          කමට...

ගලපන ඉව්ටදි ඔබ ලස්සන කවි         පේලි
එය දිය බිදකි හදවත හට ඇති           වේලී
යන්නට නොහැකි මුත් ආදර පෙල     පාලී
තනිවම මුමුණනවා මම නුබෙ කවි    කෑලී...

ලන් වෙන විටදී ගිනිගත් හදවතට           මගේ 
නුඹෙ හදවතෙත් ගිනි ඇවිලෙන බවට  හැගේ
හිත ආදරෙන් වෙලුනත් නුඹ සමග         මගේ
මම ඉන්නවා එය ඇත්තක් නොවෙයි      වගේ..

චමින්ද මලලසේකර

Wednesday, February 20, 2019

අසම්මත නැත අපේ හදවත

ගැහෙන හදවත තාම බොලදයි
වයසටත් වැඩියෙන්..
දෑස් දල්වා බලා හිදිනෙමි
හඩ ඇසෙන මානෙන්...
මිලින වූ හද විකසිතයි අද
නුබෙ දෙනෙත් පහසින්...
හදෙ උනුසුම ලබාදෙනු මැන
සැමට හොර රහසෙන්

අසම්මත නැත අපේ හදවත
ආදරෙන් මත්වූ
දැවෙන ගින්නට සිසිලසකි එය
සෙනෙහසින් තෙත්වූ

නුබේ නෙත් හීසරින් මත්වී
ගිලන් වී සිටිමී
ආදරය නම් අමාවතුරෙන්
මම සුවය පතමී

දෑස් රිදුනට කමන් නෑ මම
මග බලාඉන්නම්
කියන ඕනිම් විටකදී නුබෙ
තුරුල්ලට එන්නම්
අහස් මාලිගා තනන්නට
සැලසුමක් දෙන්නම්
සැමට රහසින් අහස්තලයෙදි
නුබව හමු වෙන්නම්..


පද චමින්ද මලලසේකර

Thursday, February 14, 2019

ආදර කතාව

කවියෙන් ලියන අපෙ ආදර                කතාවේ
නුඹ දෙවගනකි මහ රුක්ගොමු        ලතාවේ
මම රුක් දෙවිදු වී පැමිනෙන               වතාවේ
මෙය ඇරඹුමයි අපෙ ආදර                 කතාවේ

සැහැල්ලුවෙන් පා වෙන නිල් අහස          පුරා
පියඹා යන්න මට ඔබවත් උරෙහි             දරා
ලිවු කවි කතාවෙන්  මේ මුලු දවස           පුරා
අපට හොරෙන් අපෙ හදවත් ප්‍රේම         කරා

ඇස් දෙක පියාගන හොද හැටි        නිදියන්න
පුලුවනි එවිට හීනෙන් මට            පැමිනෙන්න
දිනයක් ඒවි හැබැහින් තුරුලට              එන්න
මම දන්නවා ඒ වෙනතුරු                 ඉවසන්න

පද චමින්ද මලලසේකර

ආදර අන්කුර

මුල් බලවත්ය ඒකයි ගස් උස            යන්නේ
ඒ මුල් වලිනි මහ ගස් ජීවත්           වෙන්නේ
ආදර රුකෙහි අන්කුරයකි          දලුලන්නේ
මම මුල වෙන්න කවදද නුබ ගස  වෙන්නේ

කවියක් ලියන්නට යන පොඩි       වෙලාවට
නිදහස් මනස වැදගත් කවි            කලාවට
ඔය ඇස් වලට මා පෙම් කල           තුරාවට
මම කවි ලියමි ඔබෙ ලස්සන         හිනාවට

අලි රන්චුවක් පාරේ ඇවිදන්                  යාවි
එහි ඇත් රජා තුල තේජස් බව            පේවී
පිරිමින් ඇවිත් ඔබ හට මදහස             පාවි
මම රජු වෙන්න ඔබ වෙනවද මට        දේවී


පද චමින්ද මලලසේකර


Tuesday, February 12, 2019

ඉඩෝරයට පසු

ගියමුත් ඉරි තැලී හදවත          ඉඩෝරෙට
කවි පැල වුනේ නැ කිසිව්ට          අවාරෙට
වැසි වස්සවා වස්සානය             ගෙනාවට
කවි පැල කරමි ලස්සන ඔය         හිනාවට

සියතුන් හඩන විට මහ ගන       කැලෑවක
කාලය නිමාවිය බියකරු          ඉඩෝරෙක
රහසින් කියන ලස්සන පෙම්      කතාවක
පුරහද නුබයි මට නෑ දැන්             අමාවක

අහස නුඹයි නුඹ නිදහසෙ         පාවෙන්න
මම මිහිකතයි සිදුවෙයි මට       පෑගෙන්න
නොහැකි උනත් මේ දෙක හට එක්වෙන්න
කිසිව්ට එපා ආයෙත් ඈතට              යන්න


පද චමින්ද මලලසේකර


Monday, February 11, 2019

මුහුණු පොතයි සැබෑ හිතයි

නෙත් දෙස බලා යන්තම් පෑ                හිනාවට
ඇදගන ඉන්න ඔසරිය ඔබ                   මනාවට
කතා නොකර ඇස් පවසන                 කතාවට
හද ගොලු වෙනවා ඔබ හමුවන        වෙලාවට

කලු කර තිබුන විට  අහසම අදුරු            වලා
දේ දුන්නක් ලෙසින් ඔබ එය එලිය           කලා
පසුකර ගියත් බොහො අය මට හිනා  වෙලා
සිටියෙමි මෙමා ඔබ මා දෙස බලන         තුරා

විශ්වය ගමක් ලෙස එකිනෙක යා        කෙරුව
මුහුණු පොතයි නව අදහස් වල               ඔරුව
සතුටක් වුනා ඇගයුම් එහි මට             කෙරුව
නොදනිමි හේතුවක් ඔබ මා බ්ලොක්  කෙරුව.. 

පද චමින්ද මලලසේකර

Friday, February 8, 2019

ජීවිතය දිනන්න අතීතයෙන් ඉවත්වන්න

ජිවිතය ජයගන්න හිතන ඔබ ඔබේ ජීවිතයෙන් ඉවත් කරගතයුතු කරුණු 5 ක් ගැන අපි කතාකරන බව පසුගිය ලිපියෙන් අපි ඔබට සදහන් කලා. අද ඉන් මුල්ම කාරණය එහෙමත් නැත්නම් පලමු කාරණය ලෙස අපි කතාකරන්නෙ ඔබේ දුක්බර අතීතය හා අනාගතය ගැනයි. 

ඔබේ දුක්බර අතීතයට ඔබේ වර්තමානය හෝ අනාගතය පාලනය කරන්නට ඉඩ දෙන්න එපා. අතීතයේ මොන සිදුවීම් සිදු වී තිබුනද ඔබට නැවත එය වෙනස්කල නොහැකි නිසා ඔබ කලයුත්තේ අතීතයට යන්නදීම පමනි. 

අතීතයේ සිදුවූ අමිහිරි දුක්බර දෑ සියල්ල අමතක කර දමන්න එවිට අතීතයට ඔබේ අනාගතයේ ආලෝකය වලකාලිය නොහැකි. 

තවකකු විසින් ඔබට කරනලද  වැරද්දකට ඔබට දිය හැකි හොදම පිලිතුර ඔබ ජයග්‍රහනය කිරීමයි ඔබ ජීවිතය අසාර්තක කර ගැනීම යනු ඔබ ඔවුන් ජයග්‍රහනය කරවීමකි.

මෙම පින්තූරයේ තිබෙන්නේ වාහනයක ඉදිරිපස කොටස වන අතර එහි පිටුපස බලන කන්නාඩිය කුඩාවටත ඉදිරිය බලන කොටස ඉතා විසාලවත් සාදා ඇත්තේ ඉදිරිය පුලුල්ව දැකීමටත් පිටුපස බලන කන්නාඩිය ඇත්තේ අවශ්‍ය අවස්තාවලදී පිටුපස බැලීමටත්ය. 

ඔබ පිටුපස බලන කන්නාඩිය දෙසම බලාගන ධාවනය කලහොත් ඔබව අනතුරකට ලක් වන අතර ඔබ පිටුපස බැලිය යුත්තේ අනතුරක් වලක්වා ගැනීමට පමනි. 

ජීවිතයේත් මෙම න්‍යාය එසේම වන අතර ඔබ අතීතය දෙස බලමින් වදවෙමින් ගමන් කලහොත් ඔබ ජීවිතයේ සාර්තකත්වය මග හැර විනාශය කරා ගමන්කරනු ඇත.

ජීවිතය සාර්තක කරගැනීමට සිතන ඔබ අතීතයට ජීවිතය පාලනය කිරීමට නොදී අද දවසේ කල යුතු දෑ කරමින් ජීවිතය සතුටෙන් ගතකල යුතුය එවිට ඔබේ අනාගතය සාර්තක වනු නොඅනුමාණය.

Thursday, February 7, 2019

මා පතන පෙම්වතිය

මනුදමින් පෝසත්ය
හදවතින් බෝසත්ය

ගති ගුණත් ගුණවත්ය
හැසිරීම තැන්පත්ය

පෙනුමෙනුත් රෑමත්ය
දැනුමෙනුත් නැණවත්ය

මා පතන පෙම්වතිය
මේ ලෝකේ ඇය නැතිය

නොමැත එම පෙම්වතිය
මේ ගුණය ඔබ සතුය

ආදරය කරමි මම
ඔබට මගෙ සදවතිය

පද චමින්ද මලලසේකර

Sunday, February 3, 2019

සුද්දා ලැබූ නිදහස

දරුවන් දාන්නට යම යුද්දෙකි                         ඇත්තේ
පාසල් ගිය පසුව නිදහස නම්                       නැත්තේ
නොගියොත් එහෙම ඉවරයි ටියුශන්           පැත්තේ
දරුවන් නොවෙද මුල් නිදහස ලැබ                යුත්තේ

වැඩ කල්දායි අපි රාහුට                                  බියවීලා
පොරොන්දමට ආලය ඇත                            යටවීලා
මොන දේ කලත් ලෝකෙට උත්සව                   දාලා
අදහස් වලින් අප තාමත්                                සිරවීලා

පක්ශෙක සිරවෙලා අන්ධයි                       හැමදාම
පුරුද්දක්ය මුන් රට කෑ බව                                 කීම
කිය කිය නැවත නැවතත් පසු පස                   යාම
පෙන්වයි වහල් බව මිනිසුන් තුල                     තාම

කේලම් කියා කොටවන පිරිසකි                ඇත්තේ
බඩ ගැන පමණි රට ගැන ආලය               නැත්තේ
මේ වගේ නොවේ මිනිසුන් ඉන්ග්ලන්ඩ්    පැත්තේ
අපගෙන් සුද්දාය නිදහස ලැබ                     ගත්තේ

පද :
චමින්ද මලලසේකර