Friday, April 19, 2019

දැනුම කුසලතා පිරි බුද්ධිමත් සමාජයක් වෙනුවෙන්

දැයේ මිනිසුන් දැනුමෙන් බුද්ධියෙන් බලගන්වන්නට,
සතුට සොයා යන්නවුන්ට සතුටේ මාවත පෙන්වා දෙන්නට, 
දියුනුව අපේක්ෂා කරන සියල්ලන් හට දියුනුවේ රන් දොරටු හැරදෙන, 
විඩාබර සිත කලාවෙන් සනසාලන, 
වැරදි කරන්නන්ට සොය සොයා පහර දෙන, 
අසාධාරණයට නොපැකිලිව හඩ නගන 
බොරුවෙන් වංචාවෙන් අවතැන්වූ ඔබ වෙනුවෙන්ම කරන 
ගවේශණාත්මක සමාජ මාධ්‍ය විවරණය. 


Wednesday, April 3, 2019

බුදු දහම සටන් කිරීමට නොව අනුගමනය කිරීමටය

මා බුදු දහම වෙනුවෙන් සටන් නොකරමි මන්ද බුදුදහම යනු සටන් කිරිමෙන් රැකගත යුත්තක් නොවන අතර එය පිලිපැදීමෙන් රැකගත හැකි ධර්මයකි. ගුනවත් සිලවත් නිවැරදිව බුදුදහම වටහාගත් එහි නිවැරදි හරය ලොවට කියන භික්ශුන් තවමත් සිටින අතර මේ කිසිවක් නොකරමින් කහ රෙද්දක් පොරවාගන තමන් බුද්ධ පුත්රයන් යැයි පවසන මැරයන් පිරිසක්ද සමජයේ වැජබෙමින් සිටිනු දැකිය හැක.
තවත් පිරිසක් නිකායන් වලට බෙදෙමින් කුලල් කා ගන්නා අයුරුද තවත් පිරිසක් දේශපාලන පක්ශවලට කඩේ යමින් තම හාම්පුතුන් ආරක්ශා කර ගැනීමට වෙහෙසෙන අයුරුද පසුගිය කාලය පුරාවට දැකගත හැකි විය.
සාමාන්ය මිනිසුන් ලෙස මෙම පිරිස් අතරින් නිවැරදි භික්ශුව හදුනා ගැනීමට අප මහත් සටනක් දියත්කල යුතුව ඇත. එබැවින් අප සටන්කල යුත්තේ බුදුදහම ආරක්ශා කර ගැනීමට නොව මෙවන් දුශ්ශීලයන්ගෙන්, වන්චාකාරයන්ගෙන් නිවැරදි බුදු දහම හදුනාගැනීමටය.

ආචාර්ය චමින්ද මලලසේකර